Friday, October 28, 2011

දේව්දාස් Returns...

            ගොඩාක් කාලෙකට පස්සේ දේව්දාස් ට බ්ලොග් එක පැත්තේ එන්න ලැබුණා... ඇත්තටම කිව්වොත් දේව්දාස් පහු ගිය කාලේ ලිපියක් පළ කලේ නැත්තේ ලියන්න දෙයක් නොතිබුණු නිසාම නෙමෙයි... දේව්දාස් පහු ගිය දවස්වල කළේ කල්පනා කළ එකයි... හේතුව දේව්දාස්ට හිතුණා වෙනස් වෙන්න... ඔයාලට මේ මුකුත් තේරෙන්නේ නැතුව ඇති... ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම්...

           හැමෝම දන්නා විදියට දේව්දාස් කියන්නේ උසස් පෙළ විභාගය මහා ඉහලින් සමත් කෙනෙක් නෙමෙයි... දේව්දාස් උසස් පෙළ කළේ 2010 වසරේ... නමුත් දේව්දාස් ඒ තෝර ගත්තු විෂයන් දේව්දාස් කොහොමටවත් කැමැත්තක් තිබුණ විෂයන් නම් නෙමෙයි... පාසලේ තිබුණ විෂයන් වලින් තෝර ගන්න වුණු  විෂයන් තමයි කරන්න වුණේ... ආසා නැති දෙයක් කරන්න අපි කවුරුවත් ආසා නෑ වගේ, දේව්දාස් ටත් ඒ විෂයන් කරන්න කිසිම ආසාවක් තිබුණේ නෑ... ඉතින් වපුරන විදියටලුනේ අස්වැන්න... අස්වැන්නත් එහෙමම ලැබුණා...

           ඒත් අවුරුද්දකට පස්සේ දේව්දාස් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකකට යන්න පටන් ගත්ත කියල ඔයාලා දන්නවා... මේ අතර කාලයේදී දේව්දාස්ට අවස්තාව ලැබෙනවා ඒ පරිසරයට හුරු වෙන්න... ඒ පරිසරය අත්විඳින්න... ඒ පරිසරයට, ඒ ජීවිතයට, ඒ රටාවට දේව්දාස් ගේ හිත ඇදිල ගියේ කොහොමද කියන්න දේව් දන්නේත් නෑ... ඉතින් අපි හැමෝම ආසයි අපි කැමති දේවල් අපේ ලඟට ගන්න... ගන්න බැරි දෙයක් නම් එතනට යන්න... ඉතින් දේව්දාස් නුත් තමන්ගේ හිත එක්ක වාද විවාද කරලා, අන්තිමට තීරණයක් ගත්තා... "ආයෙත් උසස් පෙළ කරනවා... උපරිමයෙන් කරලා කොහොම හරි කැම්පස් යනවා..."

           ඇත්තටම කිව්වොත් මේ තීරණය ගත්තේ විශ්ව විද්‍යාලයේ ඉන්න වෙලාවෙමයි... අයෙත් ගෙදර එන අතරේ දේව්දාස් නැවතත් මේ ගැන හිතුවා... ඔව්... මේ තීරණේ දේව්දාස්ගේ ජීවිතේ වෙනස් කරයි... අකමැති විෂයන් වෙනුවට කැමති විෂයන් කරනවා... කලබලේට කරන්න ඕනේ නෑ... 2013 අයෙත් ලියනවා...

           ඉතින් මේ දේව්දාස් පහු ගිය මාස එකහමාර පුරාම කල දේ නොවුනත් දේව්දාස් මේ ගැන ගොඩාක් කල් ඉඳං හිතුවා... ඉතින් මේ දේව්දාස් ගේ ජීවිතය වෙනස් වෙන තීරණයක් සමග නැවත පැමිණි දේව්දාස් ගේ කතාවයි...

දේව්දාස්...

23 comments:

  1. එල මල්ලි... ගත්ත තීරණේ නම් එල,,

    ජය...

    ReplyDelete
  2. ෆට්ටා මචෝ... මගෙනුත් සුභ පැතුම් ඔන්න

    ReplyDelete
  3. Gayan Rupasinghe - බොහෝම ස්තුතියි... මේ වචන දේව්දාස්ට ගොඩක් ලොකු හයියක්...

    දේව්දාස්...

    ReplyDelete
  4. MaRLaN - බොහෝම ස්තුතියි... ඇත්තටම හිතට ගොඩක් ලොකු හයියක් දැනෙනවා මේ comments වලින්...

    දේව්දාස්...

    ReplyDelete
  5. මාත් සුබ පතනවා එහෙනම්.
    ගොඩ කාලෙකට පස්සේ ලියන්න හිතුන එක නම් වටිනවා.

    ReplyDelete
  6. මම ඒත් ඊයෙත් හිතුවා දේව්ට මක් වෙලාද කියලා...ගත්ත තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න ඔයාට ශක්තිය ලැබේවා.. :))

    ReplyDelete
  7. වටිනා අදහසක් ඔයාට ඇවිත් තියෙන්නෙ.වරදින එකක් නෑ ඔයාට මල්ලි.අපේ කැම්පස් එකට ආවෙ බැදලා ලමයිනුත් හම්බ වුනාට පස්සෙ A/L කරලා පාස් වුන කෙනෙක්.දැන් එයා හොද තැනක ඉන්නවා.

    ඉගෙන ගන්න කවදාවත් පරක්කු නෑ...

    ReplyDelete
  8. නියමයි... අතාරින්න නම් එපා! ඔබට ජය!

    ReplyDelete
  9. මාත් මේ බැලුවා දේව් කොහේ අතුරුදහන් වෙලාද කියලා.. ගත්ත තීරණේ නම් නියමයි මල්ලී.. පුළුවන් විදියට අපිත් උදව්වක් දෙන්නම්..

    ReplyDelete
  10. මධුරංග - බොහෝම ස්තුතියි... ආයෙත් නවතින්නේ නෑ ඔන්න... දිගටම ලියන්නම්... :)

    දේව්දාස්...

    ReplyDelete
  11. මකුළු පැංචි - බොහෝම ස්තුතියි... දේව් ව මතක් වෙන එකත් කොච්චර දෙයක්ද... ඔන්න දේව් අයෙත් දිගටම ලියනවා...

    දේව්දාස්...

    ReplyDelete
  12. නිසුපා - ඒ වචන ටිකෙන් දේව්දාස් ගේ උනන්දුව තවත් වැඩි වුණා... දේව් ව ධෛර්යමත් කරනවට බොහෝම ස්තුතියි... ඒ ගත්තු තීරණේ වැරදි නැති බව දැන් නම් හොඳටම විශ්වාසයි...

    දේව්දාස්...

    ReplyDelete
  13. විසිතුරු - බොහෝම ස්තුතියි... මොන හේතුවකටවත් දැන් නම් අත අරින්නේ නෑ... :)

    දේව්දාස්...

    ReplyDelete
  14. ප්‍රාර්ථනා - අනිවාර්යෙන්ම උදව්වක් ඕනේ උනොත් ඉල්ලනවා... මේ හැම වචනයක්ම දේව්දාස් ට ගොඩක් වටිනවා වගේම දේව් ව ගොඩක් දිරිමත් කරනවා... බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete
  15. බොහොම හොඳ තීරණයක්!!! මොනවද විභාගේ කරන්න තෝරාගන්න විෂයන්?

    ReplyDelete
  16. Very Good. I did A/L in in 1986 from Ananda College.. But I went to university (University of Maryland, Baltimore, USA) in 2003 and finish my digree. Go ahead dude. When you stop learning... you are old. So stay young... always learn something new. Good Luck.

    ReplyDelete
  17. Deepika Priyadarshani - බොහෝම ස්තුතියි... දේව්දාස් කරන්න තෝර ගත්තේ Logic, English (subject) and French...

    දේව්දාස්...

    ReplyDelete
  18. prabath's blog - Thank you very much dude... Now Dhevdhaas can feel that this is the best ever decision that Dhevdhaas has taken...

    Dhevdhaas...

    ReplyDelete
  19. Great!!! I have done English as French for my A/L too. but that was a long time ago..if you need help, just comment here

    ReplyDelete
  20. Deepika Priyadarshani - Thank you very very much... Surely I will ask you if I need any help... Again thanks a lot...

    Dhevdhaas...

    ReplyDelete
  21. වැටි වැටි නැගිටින්න.. නැගිට්ට දාට ආපහු කවදාවත් වැටෙන එකක් නැහැ..

    ReplyDelete
  22. වර්ණා - බොහෝම ස්තුතියි... දේව්දාස් වැටෙන හැම වෙලාවෙම ඔයාල උදව්වට ඉන්නවා කියල දේව් හොඳින්ම දන්නවා...

    දේව්දාස්...

    ReplyDelete