Wednesday, August 24, 2011

දේව්දාස් ගේ දෙවැනි උපත...

            අද ලියන ලිපිය බලන්න නම් ටිකක් වෙලා ගනියි load වෙන්න... මොකද අද පින්තූර 3 ක් එකතු කළා ලිපියට... දේව්දාස් මේ ලිපිය ලියන්නේ, කම්මැලි කමට computer එකේ අහු මුළු වල රිංගන වෙලාවේ හම්බ වුනු පින්තූරයක් දැකලා... හ්ම්ම් ඔන්න එහෙනම් අහගන්නකෝ විස්තරේ...

            ගිය අවුරුද්දේ හරියටම අගෝස්තු මාසේ දේව්දාස් ටත් උ/පෙ ඉවර උනානේ... ඉතින් දේව් යාළුවො ටිකත් අඬගහගෙන හැම තැනම සංචාරය කරන්න තමයි සැලසුම් කලේ... දේව් ටම හරියන යාළුවො ටික නිසා ඒගොල්ලොත් එක පයින්ම කැමති වුණා වැඩේට...

            දේව් ගේ යාලුවෙක් ඉන්නවා තලල්ල කියන ගමේ... තලල්ල කියන්නේ පිටරටින් එන සංචාරකයෝ නිතර ගැවසෙන ස්ථානයක්... ඉතින් යාළුවො හැමෝම නොවුනත් 4 දෙනෙක් ගමනට එකතු උනා... තලල්ල මුහුදු වෙරළ කියන්නේ දේව් විශ්වාස කරන විදියට ලංකාවේ තියෙන ලස්සනම මුහුදු වෙරළක්... නැත්නම් ඉතින් පිටරට අය එයිද නිකන් වෙරළකට...

            ඉතින් දේව් එයාගේ යාළුවො ටිකත් එක්ක තලල්ල මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගිහින් මුහුද අද්දරම තිබුණ විශාල ගල් තලාවට නැග්ගා... දේව් පොඩි කාලේ ඉඳලම හිතුවක්කාර, අනිත් අය කරන්න බය දේවල් කරන්න කැමැත්තක් තිබුණා... ඉතින් මේක අනිත් අයට මහා පුදුම දෙයක් නෙමෙයි... මොකද යාළුවො දන්නවා දේව් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා... ඉතින් ගල් ගොඩක් උඩට නගින එක මහා ලොකු දෙයක් නෙමෙයිනේ කියල හිතපු දේව් කල්පනා කළා යාලුවන්ට පේන්න වැඩ කැල්ලක් දන්නේ කොහොමද කියලා... ඔහොම කල්පනා කරනකොට දේව් දැක්කා මුහුද අද්දරම, මුහුදට නෙරා ගිය ප්‍රමාණයෙන් ටිකක් විශාල ගල් තලාවක් තියෙනවා... ඉතින් දේව් ඔතෙන්ට යනවා දැකපු යාලුවෙක් "මචෝ රැල්ල නම් සැරයි" කියල කිව්වා... ආපහු හැරෙන්නද රැල්ල සැරයි කියලා... දේව් නම් හැරෙයි ආපහු... :/ ඉතින් දේව් වීර ක්‍රියාවක් කරන්න යනවා වගේ ගියා මුහුදට නෙරලා තිබුණු ගල් තලාව උඩට... එත එක තැනකදී, ගලට නගින්න කකුල තියන කොට කකුල ලිස්සලා දේව් වැටෙන්න ගියා... වෙලාවට අනිත් අය ඒක දැක්කේ නෑ...

             කකුල ලිස්සුවට දේව් කරන්න යන වීර ක්‍රියාව නවත්තන්න කාටවත් බැරි නිසා දේව් තමන්ගේ ගමන දිගටම ගියා... ගිහින් නිකන් හිටියෙත් නෑ, යාලුවෙක්ට කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා... ඉතින් ඔය පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූරේ තමයි...

ඔය කූඹියෙක් වගේ ඉන්නේ දේව්දාස්


            
            ඉතින් ෆොටෝ එකත අරන් වීරයා වගේ ආපහු දේව් එන්න හදනකොටම, විශාල රැල්ලක් ඈතින් එනවා දැක්ක... කලින් කියන්න අමතක උනා, ඒ එන රැල්ල දේව් ඔය ඉන්න ගල උඩිනුත් පෙණ කැටි වගේ විසිරිලා යනවා... කලිනුත් කිව්වා වගේ මේ ගල තියෙන්නේ මුහුදට නෙරලා... ඒ කියන්නේ දැන් දේව් ඉන්නේ මුහුදේ... මුහුදෙන් එන රැල්ල ගල් වල වැදිලා බිඳිලා සර බාල වෙලා තමයි වෙරළට යන්නේ... ඒ එන රැල්ල දේව් ඉන්න ගලේ වැදිලා පෙණ කැටි විසිරෙනවා... (පින්තූරෙත් පේනවා ඇති නේ...)

            ආපහු කතාවට අවොත්, ඈතින් රැල්ල එනවා කියල දේව් දැක්කත් ලිස්සන ගලක් උඩ දුවල නිකන් මුහුදට වැටිලා ගිලෙන්නේ මොකටද කියල හිතපු දේව් ට ඒ වෙලාවේ කල්පනා වෙනවා, හිට ගෙන හිටියොත් රැල්ල වැදිලා දේව් විසි වෙන්න ඉඩ තියෙන නිසා පහත් වෙලා හිටිය නම් රැල්ල දේව් ගේ ඇඟට  උඩින් යයි කියලා... (කොහොමද ටිකිරි මොලේ) ඉතින් දේව් රැල්ල කිට්ටු වෙන කම් ඉඳල පහත් උනා... උඩ හිටිය යාලුවොන්ට නම් ගානක් නෑ මේ වෙන දේවල් ගැන...

            ඒත් ඒක පාරටම දේව් ගේ වම් උරහිසේ මොකක්දෝ දෙයක් වේගයෙන් වැදුණා... ඊට පස්සේ දේව් ගේ ඔලුව තවත් ශක්තිමත් දෙයක වැදුණා... ඊට පස්සේ දේව් ට එයාව පාවෙනවා වගේ දැනුණා... ඊට පස්සේ එයා ටික ටික කොහේදෝ ඇතුලකට අරගෙන යනවා වගේ දැනුණා... පියවි සිහියට ආපු දේව් ට තමන් වතුරේ ගිලෙන බව දැනුණා... ඉක්මනින් යමක් අල්ලගන්න හිතාගෙන වට පිට අතගානකොට, මේ වෙනකොට පණ නැති වෙමින් තිබුණු දේව් ගේ අත් දෙකට ගලක් අහුවුණා... සිහියක් නැතිව ඒ ගලේම එල්ලිලා උඩට ආපු දේව් තාමත් ඉන්නේ රැල්ල එද්දී හිටපු ගල් තලාව උඩයි... හිත හිත ඉන්න වෙලාවක් නැති කම නිසාම නොවුනත්, හිතන්න තරම් ශක්තියක් දේව් ගේ ඇඟේ නොතිබුණු නිසාවෙන් දේව් ඉක්මණින් ගල් තලාවෙන් බැහැල යාළුවො ඉන්න ගල් තලාව ලඟට ගියා...

             මේ වෙනකොට උඩ හිටිය යාළුවො හැමෝම පල්ලෙහාට ඇවිත් දේව් ව හොයනවා... මුළු ඇඟේම ලේ පෙරා ගෙන ඉස්සරහට එන දේව් ව දැකල බය වුනු යාළුවො මොහොතක් මුකුත්ම හිතා ගන්න බැරිව ඉඳපු විදිය දැකල දේව් ට තමන්ගේ පෙනුම මොන වගේද කියල හිතා ගන්න පුළුවන් උනා...

             යාළුවො ඉඳපු ගල් තලාව උඩින් පිහිටි කඳු ගැට්ටේ තිබුණ ගෙදර පදිංචි වෙලා හිටියේ පිට රට මනුස්සයෙක්... යාළුවො දේව් ව ඒ ගෙදරට එක්කරගෙන ගිය මොහොතේ ඒච ගේ දිහා මොහොතක් බලන් ඉඳපු ඔහු, ඔහුගේ පෞද්ගලික ගමන් බිමන් වලට පාවිච්චි කරන ත්‍රී රෝද රථයෙන් දේව් ව dispensary එකකට අරන් යන්න කියල රියදුරාට කිව්වා...

            ඒ වෙනකොටත් යාළුවො දුරකතනෙන් දේව් ගේ ගෙදරට සිද්ධිය බොහෝම සැර බාල කරලා කියල තිබුණ නිසා, දේව් ගේ දෙමව්පියෝ එතනට ඉක්මනට ආවා... එතනින් එහාට ලියන්න හදනකොටත් අහපු මිහිරි වදන් කන් දෙකේ රැව් දෙනවා...

            දැනටමත් පොස්ට් ඒක දිග වැඩි වුනු නිසා මෙතනින් එහාට සිද්ධ වුනු දේවල් දේව් කියන්න යන්නේ නෑ... ඒත් මේ සිද්ධිය නිසා දේව් ට කවදාවත් දුකක් දැනුනේ නෑ... ඒ මොකද කියල දේව් කියන්නම්... හැබැයි හෙට... තාම දේව් කිව්වේ මේ සිද්ධියේ භාගයයි... ඉතුරු ටික කියන්න ගියොත් පොස්ට් ඒක ගොඩක් දික් වෙනවා... ඒක නිසා හෙට ඉතුරු ටික කියන්නම්...

            කියපු විදියට අදාළ තැන ගැන චිත්‍රයක් ඔලුවට ආව නම් බලන්න ඒක මෙන්න මේ වගේද කියලා... මේ යටින් තියෙන්නේ ඒ සිද්ධිය වුනු තැන google maps වලින් ගත්තු පින්තූර... හරියටම තැන ඔන්න යටින් තියෙනවා...                          මේ දේව්දාස් ගේ දෙවැනි උපත ගැනයි...


  
               රවුම් කරලා තියෙන්නේ වැටුන තැන...          ඔන්න ඔහොමයි දුරට පෙන්නේ...
උඩ තියෙන්නේ උදවු කළ පිටරැටිය ගේ ගෙදර...          කොහොමද සැප අර ගල අල්ලගන්න බැරි උනානම්..?




දේව්දාස්... 

16 comments:

  1. සිත් ඔහොම තමයි, මල්ලියෝ ජිවිතයත් එක්ක සෙල්ලම් කරන්න එපා...
    ලස්සන ලිපියක් නියමයි.

    ReplyDelete
  2. රහස් පරීක්ෂකයා - බොහෝම ස්තුතියි... ඉතුරු කොටස අද පළ කරනවා... ඒකත් කියවලා අදහසක් පළ කරන්න...

    දේව්දාස්...

    ReplyDelete
  3. hmmmm...... second chance... use it well

    ReplyDelete
  4. හපොයි මල්ලියෝ.. ගිලුනා නම් මොකද වෙන්නේ.. පරෙස්සමෙන් වැඩ කරන්න,,

    ReplyDelete
  5. Red Riding Hood - Sure, this time Dhevdhaas is not going to do such stupid things... Thanks for coming and expressing your valuable ideas... Hope that you may come in the future also...

    Dhevdhaas...

    ReplyDelete
  6. ප්‍රාර්ථනා - ගිලුන නම් ඉතින් අද මෙහෙම බ්ලොග් එකකුත්, මෙහෙම ලියන්න දේව් කෙනෙකුත් නෑ අක්කේ... මීට පස්සේ නම් හරියට පරිස්සම් වෙනවා...

    දේව්දාස්...

    ReplyDelete
  7. හපොයි ඔයින් ගියා මදැයි..මට කියන්න තියෙන්නෙත් ඔයා ගේ ජිවිතේ එක්ක වගේම අනිත් අයගේ ජිවිත එක්කත් සෙල්ලම් කරන්න එපා.. එදා ඔයාට මොනවා හරි වුනානම්.. දෙමාපියන්ටයි.. යාළුවොන්ටයි මොකද වෙන්නේ..???? :/

    ReplyDelete
  8. අනේ දේවි පණ්ඩිත කියලා මට කියුවට රියල් පණ්ඩිතයා ඉන්නේ මෙහෙනේ ...... අනේ අමිමෝ ඉන්න තැන අනුවනම් ඉන්නේ නියම ලෝකාන්තයක වගේ අයේ ඉතින් මේක දෙවෙනි උපතම තමයි ....

    ReplyDelete
  9. චතුමිතු - මීට පස්සේ නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නෑ... හොඳ පාඩමක් ඉගෙන ගත්තා මේ සිද්ධියෙන්...

    දේව්දාස්...

    ReplyDelete
  10. වෙලාව ලඟයි - හ්ම්ම්ම් ඔව් ඔව් දේව් ඒ වෙලාවේ පණ්ඩිත වැඩක තමයි කළේ... හැබැයි මුහුදට වැටිච්ච වෙලාවේ ඒ පණ්ඩිත කම ගහගෙන ගියා... දැන් නම් ඒ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ... ඇත්ත, මොකක්දෝ පෙර පිනකට බේරුණේ... ඇත්තටම ඒ දේව් ගේ දෙවැනි උපත තමයි...

    දේව්දාස්...

    ReplyDelete
  11. yes.. I will come.. and I enjoyed reading ur blog a lot.. :)

    ReplyDelete
  12. Red Riding Hood - Thanks a lot... Your comments make me really strong...

    Dhevdhaas...

    ReplyDelete
  13. හෆ්ෆෝයි....!!! දේව් ජීවිතේ එපා වෙලාද?? ඔයිට ව්ඩා පරිස්සම් ව්එන්න එපැයි...ඔහොම නොසැළකිලිමත් වෙන්නෙපා.. ජීවිතේ හුගාක් වටිනවා

    ReplyDelete
  14. හිතුවක්කාරී - දේව් ට ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරුනේ හරියටම එදයි... තවත් නම් ඒ වගේ වැඩ කරන්නේ නෑ කවදාවත්...

    දේව්දාස්...

    ReplyDelete
  15. මෝඩකමට බෙහෙත් නැහැ කියන්නේ ඕක තමා ........:D

    ReplyDelete
  16. The Lion - තව පොඩ්ඩෙන් දේව්දාස් ට බෙහෙත් හම්බෙනවා... මොකක්දෝ වාසනාවකට ලැබුණේ නෑ... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete