Friday, August 19, 2011

දේව්දාස් නම් වූ නාම විශ්ලේෂකයා...

            මේ ලියන්නේ දේව්දාස් ලියන්න හිටිය ලිපියක් නෙමෙයි... ඒත් දේව්දාස් ට නිකමට හිතුණා තමන්ට තියෙන හැකියාවක් ගැන අනිත් අයටත් කියල එයාලා එක්ක බෙදාගන්න... වැඩිය දිගට කියන්න ඕනේ නෑ... මෙන්න මේකයි වැඩේ... දේව්දාස් ට පුංචි හැකියාවක් තියෙනවා ඕනෙම කෙනෙක් ගේ නමේ තේරුම කියන්න... විකාරයි වගේද? එහෙනම් මෙතනින් එහාට කියවන්න එපා... එච්චර දුර හරි කියපු එකට ගොඩක් ස්තුතියි...

            මෙන්න මේ හැකියාව උපයෝගී කරගෙන දේව්දාස් බ්ලොග් අවකාශයේ ඕනේ කෙනෙක් කියන ඕනේ නමක තේරුම කියන්න සූදානම්... එකක් දෙකක් ඔන්න දැන්ම කියන්නම්...

             රත්ගමයා - ර , ත්, ගමයා
                              රා , අත්, ගමයා
                              ඔය ගමගේ අතේ නිතරම රා මුට්ටියක් තියෙනවලු නේ...

              පොල් the සමන් - අපි සමන් කියන කෑල්ල ගමු...
                              සම, න්
                              සමාන අන් තියෙනවලු නේ කිසි ඇදයක් උස පහත් බවකින් තොරව...

             කාටහරි තමන්ගේ නැත්නම් යාලුවෙක්ගේ නමක තේරුම් දැන ගන්න ඕනේ නම් කමෙන්ට් ලියන තැනින් නම ලියන්න... දේව්දාස් නිතරම බ්ලොග් එකේ ඉන්නේ නැති නිසා මූණු පොතේ ග්රූප් එකේ මේ ලිපිය ගැන පළ කරන පොස්ට් එකේ යටින් පොඩි සටහනක් දාන්න... එතකොට දේව්දාස් ට නොටිෆිකේෂන් එකක් එනවනේ... එහෙනම් කට්ටිය නම් එවන්නකො...

             ඊයේ දාපු ලිපියේ ඉතුරු කොටස අද රෑ වෙන්න දාන්නම්... මතකයි නේ, ගෑනු ළමයි ගැන ලියල තිබුනේ...

              රත්ගමයා සහ පොල් the සමන් සමග මාගේ කිසිදු තරහක් නැති බවත්, හුදෙක් උදාහරණයට පමණක් ඔවුන් දෙදෙනාගේ නම් ඉහත සඳහන් කල බවත් කරුණාවෙන් සලකන්න...


දේව්දාස්...

29 comments:

  1. ඇත්ත කිව්වම දිවත් පැටලිලා වගෙයි... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  2. පිස්සු පීකුදු ඇහ් මගේ නමටත් ඔය මොකක් හරි සීන් කෝන් එකක් දාපන්කෝ

    ReplyDelete
  3. ඒ කිරි නිමල්... කියහං බලන්න

    ReplyDelete
  4. කිඩෝ - කි , ඩෝ
    කීවා, ඩෝප්
    ඔය නම තියෙන කෙනාට බෝතල් කියන වචනේ කව්රුහරි කිව්වත් ඩෝප් වෙනවයි කියන්නේ...

    දේවදාස්...

    ReplyDelete
  5. කම්මැලියා - කිරි නිමල්
    කිරි + නිම , ල්
    කිරි + නිමලා , ඇල්
    කිරි නිමලා ඇල් කරලා ලු නේ මෙයා බොන්නේ...

    දේව්දාස්...

    ReplyDelete
  6. ලොල්..පිස්සු කොර කිව්වලු....
    මගේ නමටත් පොඩ් මෙව්වා එකක් කියන්නකෝ බලන්න

    ReplyDelete
  7. ChammA - චම්ම
    ච, ම්ම
    ඔය නම තියෙන කෙනා චාටර් මනුස්සයෙක් ලුනේ...

    දේව්දාස්...

    ReplyDelete
  8. දැක්කොත් රැ හද නැටවෙයි පදමට...:D :P

    ReplyDelete
  9. චතුමිතු - ඔන්න ග්රූප් එකේ අහල තිබුනට දේව්දාස් නමේ තේරුම මෙතනම දැම්ම...
    චතුමිතු
    ච, තු, මිතු
    චාටර් තුෂ්නිම්බූත වූ මිතුරන් ඇති කියන එකනේ තේරුම...
    දේව්දාස් අහල තියෙනවා එක වගේ කුරුල්ලෝ වහන්නේ එකම අත්තේ කියල... ඔය වගේ යාළුවො ඉන්නනම් ඉතින් යාළුවො අයිති කෙනාත් ඔහොම වෙන්න ඇති නේද...

    දේව්දාස්...

    ReplyDelete
  10. පට්ට........
    මගේ නමත්..............?

    ReplyDelete
  11. මධුරංග
    මධු + රංග
    බීලා නටන එකෙක් !!!! මම් බොන්නේ නැතෝ

    ReplyDelete
  12. මී හරක් පිඩියා - පිඩියා කියන නමේ තේරුම කියන්නම්...
    පිඩියා
    පි, ඩි, යා
    පින, අඩි, අය
    ඔය නමේ අයිති කාරය පිනට ලු නේ අඩි ගහන්නේ... හි හි හි

    දේව්දාස්...

    ReplyDelete
  13. මධුරංග - නෑ නෑ...
    මධුරංග
    මධුර, o, ග
    මධුර වූ අඟ ඇති කියන එකනේ ඔය නමේ තේරුම... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  14. අහ් නියමයි...!!! මගේ නමේනම් ඉතින් තේරුමක් හොයන්න දෙයක් නෑනෙ..;) අපි ව්අගේ තේරුමක් අඑති නමක් දාගත්තනම් ව්ඇඩේ ඉවරයිනෙ..

    @මධුරංග අයියා- හික්ස්..... :D

    ReplyDelete
  15. මධුරංග - ඇත්තනේ ඉතින් කිව්වේ... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  16. හිතුවක්කාරී - ඔයාගේ නමේ තේරුම මේකයි...
    හිතුවක්කාරී
    හිතු, ව, ක්කාරී
    හිතුනු අවස්තාව කරකාර
    හිතුනු ගමන කරකාර බඳීනවලුනේ ඔය නම අයිති කෙනා... පිරිමි ළමයි පරිස්සමින් ඉන්න එක කෝකටටත් හොඳයි...

    දේව්දාස්...

    ReplyDelete
  17. අම්මෝ.............. :O මං එහෙම නැතෝ....... :/

    ReplyDelete
  18. හිතුවක්කාරී - ඒ උනාට නමේ තේරුම නම් ඒකයි...

    දේව්දාස්...

    ReplyDelete
  19. එතකොට අම්බලම කියන්නේ අන් තියන බල මාලුවෙකුට වත්ද?

    ReplyDelete
  20. අම්බලම - නෑ නෑ... අම්බලම කියන්නේ...
    අම්බලම
    අම්බ, ලම
    ඔය නම තියන කෙනා අම්බානකට ළමයි හදනවලු නේ... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  21. මොන කරුමෙකටද මන්දා අම්බලමට ගෙන්න හදන හැම මැෂින් එකක්ම කොහෙන් හරි පාත්වෙන කව්රු හරි එකෙක් පොතක ලියලා සින්නක්කරේටම අරන් යනවා. ඉතින් අතේ මහලා තමයි ළමයි හදන්න වෙන්නේ. හි හි හි . බැරිද මාතර පැත්තෙන්වත් අම්බලමේ හැමදාම තියාගන්න පුළුවන් හොද මැෂිමක් හොයලා දෙන්න.

    ReplyDelete
  22. අම්බලම - මොකද බැරි... මාතර අවට බ්ලොග් ලියන්නන් මාතරට එකතු වෙන්න අදහසක් තියෙනවා... එදාට ආවනම් ගැලපෙන කෙනා හොයා ගන්න පුළුවන්... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  23. අනේ දේවෝ මම ඉන්නේ කළුතර දිස්ත්‍රික්කේ, කි. මි. 100 ක් විතර කියන්නේ මාතරට ටිකක් ලග වැඩියි වගේ නේ. හැබැයි මමත් ලංකාව වටේ ඇවිදින එකෙක්. එදාට ඔය පැත්තේ හිටියොත් මාතර නොවුනත් අනිවා මම එනවා.

    ReplyDelete
  24. අම්බලම - සාදරයෙන් පිළිගන්නවා... අනිවාර්යෙන් දවස කියන්නම් කලින්... වෙලාව හදා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් එන්න...

    දේව්දාස්...

    ReplyDelete
  25. Replies
    1. Thushan
      Thu + sha + an
      Thuna shaa (lassana) an
      Lassana an thunak sahitha

      Delete