Monday, August 15, 2011

සතියකට පසු දේව්දාස්...

                කාලෙකින් දේව්දාස් මේ පැත්තේ ආවේ... ඔයාලා දැනටමත් දන්නවනේ දේව්දාස් මාතර කෙනෙක් කියල... ඉතින් නුවර ට දළදා පෙරහැර වගේ මාතරට උප්පලවණ්ණ පෙරහැර ගොඩක් වැදගත්... ඉතින් පහු ගිය සතියෙම පෙරහැර බලන්න ගිහින් එද්දී ගොඩක් රෑ උන නිසා බ්ලොග් එකක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ...

              ඉතින් අද දේව් ගේ ලිපිය දෙවුන්දර පෙරහැර ගැන නෙමෙයි... ඒත් ඒ සම්භන්ධ දෙයක් ගැන කිව්වොත් හරි... මේ ලිපිය මම ලියන්නේ කාටවත් අපහාසයක් කරන්න නෙමෙයි කියල දැන්ම කියන්නම්... මෙන්න මේකයි සිද්ධිය...

              අපි (මම + මගේ පාසල් මිතුරෝ) පෙරහැර බලන්නේ දෙවුන්දර අපේ තවත් එක් පාසැල් මිතුරෙකුගේ ගෙදර ගිහින්... අපිට කෑම බීම motor cycle නවත්තන්න ඕනේ දෙයක් එහෙන් ඕනේ වෙලාවක ready. ඉතින් අපි හැමෝම එහේ ගිහින් පෙරහැර පටන් ගන්න පැය භාගෙකට කලින් විතර පන්සලට එනවා... ඔහොම අපි ඇවිත් කතා කර කර ඉන්න අතරේ අපේ යාලුවෙක්ගෙන් හොඳ මාතෘකාවක් ඉදිරිපත් උනා...

             වෙන මුකුත් නෙමෙයි... පන්සලට ඇවිත් හිටිය ගෑණු ළමයි, එයාලගේ අම්මල එහෙම ඇඳන් හිටපු ඇඳුම් ගැන... අපි ඒ යාලුවට විහිලු කරා අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න කියල... ඒත් ගෙදර ඇවිත් කල්පනා කළාම ඒ දේ ගැන, ඒ වෙලාවේ ඒ යාළුවා කියපු දේවල් හරි කියල හිතෙනවා...

            ඇවිල්ල හිටිය අයගෙන් 98% විතරම ඇඳන් හිටියේ සීනි බෝල පාට ඇඳුම්... නිල් පාට, කහ පාට, රතු පාට, රෝස පාට, කොළ පාට ඇඳුම්... අපේ යාළුවා ගෙනාපු තර්කය තමයි මේ ගෑණු ළමයි එන්නේ පෙරහැර බැලීමට වඩා පිරිමි ළමයින්ට පෙන්න කියලා... ඒක ඇත්ත කියල මටත් හිතෙනවා... අපි කැපිල පේන්න උත්සහ කරන විදි තියෙනවා...

           රූපයෙන්, කතාවෙන්, ඇඳුමෙන්, හැසිරීමෙන් වගේ නොයෙක් විදි වලට අපි හැමෝම කැපිල පේන්න උත්සහ කරනවා... ඒක මම, මේ කියවන ඔයා, අපි හැමෝටම පොදු දෙයක්... ඉතින් ඒ යාළුවා කිව්වා වගේ එයාල ඒ ඇස් කඩාගෙන යන පාටවල ඇඳුම් ඇඳලා ඇවිත් ඉන්නේ පන්සලට ඇත්තටම බැති සිතින්ද නැත්නම් අනිත් අය ඉදිරියේ කැපිල පේන්නද කියන එක හිත ගන්න අමාරුයි... හැබැයි මම මගේ ගැන කල්පනා කරනකොට මටත් තේරුන දේ තමයි, මමත් ඇත්තටම පෙරහැර බලන්න ගිය හේතු වලින් 30% විතර වෙන් වෙන්නේ මේ මම කිව්ව දේට තමයි කියල...

           මේ කියපු දේ විකාරයක් කියල හිතුන නම් දේව්දාස් ට සමාවෙන්න... මම පැහැදිලි කරන්න උත්සහ කලේ අපි නොදැනීම අපේ යටි හිත අපිව පාලනය කරන විදිය... මේ කිව්වේ එක දෙයක් ගැන විතරක් උනත් ඔයාට මේ ගැන මීට වෙනස් අද්දැකීම් තියෙනවා ඇති... පුළුවන් නම් ඒ ගැන සඳහන් කරන්න... මොකද ගුරුවරයෙක් විදියට දේව් ට ඒ දේවල් කොයි මොහොතක හෝ වැදගත් වෙන්න පුළුවන්... විශේෂයෙන්ම මම මිශ්‍ර පාසැලක උගන්වන නිසා...

          ඉතින් කාලෙකින් ඇවිත් දාපු ලිපිය විකාරයක් කියල හිතන්න එපා... හැමදාම අපි කතා කරන්නේ ආදරේ, විරහව, ඕප දූප, විහිළු වගේ දේවල් විතරයි... දේව්දාස් ලියන්නේ දෙව්දාස්ගේ අද්දැකීම් විතරයි... ඉතින් මේ තියෙන්නේ දෙව්දාස්ට හිතුන දෙයක්... ඔයාට මේකෙන් දෙයක් හිතන්න පුළුවන් වෙයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

දේව්දාස්...

12 comments:

  1. මම හිතන්නේ යාළුවෝ ටික බලලා තියෙන්නේ කෙල්ලෝ දිහාම විතරයි.වර්ණය ගැන ගත්තොත් එක් පාර්ශවයකට අත දික් කරන්න බෑ.කොල්ලෝ ගත්තත් එච්චරයි..තර්කයට එකග නෑ..ඔන්න විලාසිතාව අතින් නම් කාන්තා පාර්ශවය ඉදිරියෙන් ඇති.එත් ඉතින් තැනට සුදුසු විදිහට ඇදුමක් ‍තෝරගන්න කවුරු උනත් දැනගන්න ඔනේ..අනිත් එක පෙරහැර නරඹන්න සුදු වර්ණයක් අත්‍යවශයි කියලා මම හිතන් නේ නෑ..:)

    ReplyDelete
  2. චතුමිතු - මමත් එකඟ වෙනවා පෙරහැර බලන්න සුදු අඳින්න අනිවාර්ය නෑ කියලා... ඒත් අපි එයාලව දැක්කේ පෙරහැර බලන වෙලාවේ නෙමෙයි... පන්සලේදී... පන්සලට සුසු අඳින්න එක අනිවාර්ය යි නේ...
    අනික අපිත් බලන් හිටියේ පෙරහැර දිහාමයි කියල කිව්වොත් ඒක බොරුවක්... අපිත් වට පිටි නම් බැලුව තමයි...

    ReplyDelete
  3. අපිනම් බලන්න යන්නේ පෙරහැර නෙමෙයි.පෙරහැර බලන්න එන කෙල්ලන්ව.මොන කොල්ලද මේ කාලේ කෙල්ලෙක් දිහා නැතුව පෙරහැර බලන්නේ.කෙල්ලොත් ඒ වගේ තමයි.කෙල්ලොත් දන්න සූත්තර ඔක්කොම දාල තමයි පෙරහැර බලන්න එන්නේ.ඉතින් උපාසකයාගේ උනත් බෙල්ල ඇද වෙනවා..

    ReplyDelete
  4. පන්සල් යනවා වගේ පෙරහැර බලන්න සුදු ඇදුමක් අදින්න කියලා නියමයක් නම් නැහැ තමයි , ඒ උනාට ඉතින් ආගමික උත්සවයක් නේ මොනවා උනත්,ඒක හින්දා දේව්දාස් මම නම් හිතන්නේ තමන්ම සංවරවෙලා තැනට සුදුසු විදියට අදිනවනම් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලයි

    ReplyDelete
  5. මං පිට පිට අවුරුදු තුනක් පේරහැර බලන්න ගියා. ඒත් මේ අවුරුද්දේ මිස් උනා. ඒක ගන නම් දුකයි. කිව්වත් වගේ කෙල්ලෝ එන්නේ කොල්ලෝ බලන්න !!!!!

    ReplyDelete
  6. මී හරක් පිඩියා - මමත් එකඟ වෙනවා... මොකද අපිත් පෙරහැර විතරක්ම බැලුවේ නෑ... වටපිටේ ඉන්න අය දිහාත් බැලුවා... ඒත් අපි ඒකටම කියල හැඩ වෙලා ගියේ නෑ... හැබැයි අපිත් බැලුවා...

    ReplyDelete
  7. ChammA - සමහර අය සුදු ඇඳලා උඩින් ඇඳලා පාට පාට අත් තියෙන මොකක්ද එකක්... ඒක ඇඳුමට එන එකක් නෙමෙයි... ඔව්... තමන් හරි නම් අනිත් ඒවා නිකන්ම හරි යනවලු නේ...

    ReplyDelete
  8. මධුරංග - අපරාදෙනේ... ඇයි මේ පාර එන්න බැරි උනේ? අපි නම් පෙරහැර 7 ම බැලුවා...

    ReplyDelete
  9. කතාවනම් සම්පූර්න අැත්ත.... පහල ලින්ක් ඒකටත් ගිහින් බලන්නකො..... මට හිතුන දෙයක් ලිව්වෙ... හරිද මංද

    http://kammeliya.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete
  10. කම්මැලියා - දෙන්නගේ අදහස් ටිකක් ලඟින් යනවා වගෙයි... මගේ ලිපියක් කියවන්න ආපු ගැන ස්තුතිවන්ත වෙනවා... ඒ වගේම දිගටම දේව්දාස් ගේ ලිපි බලන්න එයි කියල විශ්වාස කරනවා...

    ReplyDelete
  11. විලාසිතා කරන එක තමන්ගේ කැමත්ත.හැබැයි ඒ ඒ තැනට ගැලපෙන්න අඳින්න තමන් දැන ගන්න ඕනේ ...........

    ReplyDelete
  12. The Lion - එක ඇත්ත... තැනට සුදුසු විදියටලු නේ අනේ ගහන්න ඕනේ... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete