Friday, August 19, 2011

දේව්දාස් දුටු ගැහැණු ළමයි 2...

            ඊයේ දැම්ම පොස්ට් එක දිග වැඩි උන නිසා අද ඉතුරු ටික දැම්මේ... ඒක ගැන දේව්දාස් ආපහු කියන්නේ නෑ... ඇත්තටම අද දාන පොස්ට් එක ගැනයි පොල් the සමන් ගේ " ඒ මගේ කෙල්ල ඕයි..." ලිපියේ මම සඳහන් කලේ... මෙන්න මේකයි කතාව...

            මතකයි නේ දේව්දාස් දෙවුන්දර පෙරහැර බලන්න දවස් 7 ම ගිය කිව්වා... ඔන්න ඔහොම ගියේ ස්කොලේ කාලේ යාළුවො එක්ක කිව්වනේ... මේ යාළුවො අතරේ ඉන්නවා සාමාන්‍යයෙන් එයත් එක්ක ගියාම අපේ ලකුණු කැපෙන ජාතියේ යාලුවෙක්... ඒ කියන්නේ කොල්ල කඩවසම්... අපි එයත් එක්ක ගියාම, නිකම්මු වගේ... ඔක්කොම බලන්නේ එය දිහා... ඉතින් අපි පෙරහැර බලලා දේවාලේ ටිකක් ඉඳල තමයි ගෙදර එන්නේ... මෙහෙම දේවාලේ ඉන්නකොට වයස අවුරුදු 23 ක විතර ගෑනු ළමයෙක් අපි ඉන්න තැනින් අපි දිහා බලන් ගියා... (අපි කිව්වට අපි දිහා නෙමයි, අර යාළුවා දිහා...)

            අපි දිහා බලන් ගිහින් අපේ ඉස්සරහ හිටපු කීපදෙනෙක්ට එකතු උනා... අපේ යාලුවත් ඒ පැත්තම බලන් හිටියා... ඒ ගෑනු ළමයත් දැන් අපේ පැත්ත සැරින් සැරේ බලනවා... අපේ යාලුවට දැන් ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ මේ ගෑනු ළමයට... ඉතින් අපේ තව එක්කෙනෙකුත් අල්ලාගෙන නම්බර් එක කොළ කෑල්ලක ලියලා දැන් බලන් ඉන්නවා කෙල්ල තනි වෙනකන් නම්බර් එක දෙන්න... ගෑනු ළමය මේ වෙලාවේම දේවාලේ ඇතුලට ගියා පූජාවට... අපේ කොල්ලෝ දෙන්නත් නම්බර් එකත අරන් දේවාලෙ ඇතුලට ගියා...

            ටික වෙලාවකින් මූණු හිනාවෙන් පුරවගෙන මේ දෙන්නා එනවා එලියට... අහන්න දෙයක් නෑනේ... වැඩේ හරි... ඉතින් ගෑනු ළමයත් එලියට ආවා... දැන් දෙන්නා හොරාට බල බල මුකුළු කරනවා... අපි ඉන්නවද කියල ගානක් නෑ... ඉතින් ඔහොම ඉඳල ගෑනු ළමයා යන්න හදනකොට අපේ යාළුවා අර Dialog advertisement එකේ වගේ call me කියල අතින් පෙන්නුවා... ඒ ගෑනු ළමයත් හිනා වෙලා ගියා... ඊට පස්සේ තමයි ඇතුලේ උන දේවල් අහගන්න පුළුවන් උනේ... ඇතුලෙදි නම්බර් එක දෙනකොට ඒ ගෑනු ළමය අතින් ඇල්ලුවා කියල කිව්වා... ඇත්ත බොරු දන්නේ යාළුවයි, ඒ ගෑනු ළමයයි, ඇතුලේ හිටිය දෙයියෝයි තමයි... හැබැයි මේ යාලුවට එහෙම බොරු කියන්න උවමනාවක් නම් නෑ...

            ඉතින් අපි ඊළඟ දවස වෙනකන් පුන පුනා බලන හිටියේ විස්තරේ දැන ගන්න... ඒත් අපේ බලාපොරොත්තු සුන් උන දෙයක් වෙලා තිබුනේ... යාළුවගේ ෆෝන් එකේ මොකක්දෝ අවුලක් වෙලා on කළ ගමන්ම off උනාලු... ඉතින් ඒ ෆෝන් එක හදපු කෙනාගේ සියලු නෑයන් මතක් කරමින් අපි පෙරහෙර බලලා පුරුදු විදියට දේවාලේ ගාවට අවා.. මෙන්න අදත් ඉන්නවා... දැන් ඉතින් අපි හැමෝගෙම ඉහේ මල් පිපිලා ආයෙත් පිපුණා...(අපිට මොකටද කියල අහන්න එපා...)

           දැන් ඉතින් අපේ යාලුවට ඕනේ face to face කතා කරන්න... ඒත් ගෙදර අය ඉන්නවනේ... ඉතින් ගොළු භාෂාවෙන් කිව්වා චෛතයේ ලඟට එන්න කියල... ඉතින් මේ ගෑනු ළමයා නංගි එක්ක චෛතයේ ලඟට එන්න හදනකොට තාත්තත් පස්සෙන් ආවා... දැන් ඉතින් මොකෝ කරන්නේ... පොඩ්ඩක් කැරකි කැරකි ඉඳලා ආව ආපහු... ආයෙත් ටික වෙලාවකින් ආයෙත් කිව්වා බෝ ගහ ලඟට එන්න කියලා... ඒත් තාත්ත පස්සෙන්මයි... ඉතින් ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට නොවුන නිසා අපි තීරණය කළා ඊළඟ දවසක වෙනකන් ඉවසල ඉන්න... අපේ යාළුවා වෙන යාලුවෙක්ගෙන් ෆෝන් එකක් ඉල්ලගෙන තමයි ගියේ...

            ඉතින් ඊළඟ දවසේ අපි යාළුවා එනකන් හිටියේ උන දේ අහගන්න... ඒත් අපිට අහන්න උනේ කොහොමවත් බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි... මෙන්න මේකයි වෙලා තියෙන්නේ...

            අපේ යාළුවා කලින් දවසේ බලාපොරොත්තු සුන් කරගෙන motor bike ඒකෙන ගෙදර යන අතරතුරේ අඳුනන්නේ නැති නම්බර් එකකින් call එකක් ඇවිත්... කතා කරලා තියෙන්නේ වෙන කව්රුවත් නෙමෙයි, අර ගෑනු ලමයම තමයි... හැබැයි කොච්චර කතා කරලද කියනවනම් ඒ යාලුවට දෙවුන්දර ඉඳං ගෙදර යන්න පැය 1 1/2 ක යනවා... රෑ නිසා පැයකින් විතර ගිහින්... ඒ පැය පුරාවටම ඒ ගෑනු ළමයා එයාගේ ෆෝන් එකෙන් කතා කරලා... ඒ කියන්නේ එයාගේ සල්ලි වලින්... හැබැයි කතා කරනකොට අපේ යාළුවා අහලා boyfriend කෙනෙක් ඉන්නවද කියලා... ඔව් කියලා... තව කියල තියනවා එයාට නම්බර් ගොඩක් ලැබුනලු... අනිත් ඒවා විසික් කරාලු... තියා ගත්තේ මේ නම්බර් එක විතරලු...

            ඔහොම ගෙදරට යනකන් කතා කර කර ගිය අපේ යාළුවා ගෙදර ගාවදි එයාගේ උවමනාවට ෆෝන් එක cut කරලා තියනවා...අපිට කිව්වා... "අපෝ බං මට නම් එපා උනා... කෙල්ලෙක් ඔහොම වෙයි කියල මමනම් හිතුවේ නෑ බං...: කියලා... හොඳම හරිය උනේ ඊට පස්සේ... මෙතන හිටිය අපේ සෙට් එකේ කෙල්ලෙක් ජීවිතේට හිටියේ නැති යාලුවෙක් "ඔන්න බං එහෙනම් මට ඔය නම්බර් එක දියන්..." කියල ඉල්ලා ගත්තා... ආරංචියේ හැටියට දැන් ඒ ගෑනු ළමයා කතා කරන්නේ ඒ යාලුවත් එක්ක...

            මේ පොස්ට් එක මම ලිව්වේ ගෑනු ළමයින්ට අපහාසයකටවත්,දේව්දාස් ගේ යාළුවො පොර කරන්නවත් නෙමෙයි... පොල් the සමන් ගේ පොස්ට් එක දැක්කම මේ සිද්දීන් මතකයට ආව නිසයි...

            අවසානයට මේ දේ මතක් කරන්නම්... මොන දේ කලත් පිරිමි ළමයෙක් වතුර කාලයක් නාවල ගෙට ගන්න පුළුවන් ලු... ඒත් ගෑනු ළමයෙක් කිරි කල හතක් නෑවෙවුවත් බෑ ලු... මේ සමාජ පිලි ගැනීම... පිළිගැනීම නොගැනීම ඔබ සතුයි... මේ දේව්දාස් දුටු ගැහැණු ළමයි...

දේව්දාස්...

15 comments:

  1. මල අතේ කියලා කිවුවලු. පුදුම කෙල්ලෙක් නේ.කොල්ලෙකුත් ඉදලනේ මෙහෙම දෙයක් කරලා තියෙන්නේ.
    මේ දැනගන්න අහන්නේ ඔය කෙල්ලගේ නම්බර් එක තියෙනවද තාමත් !!!

    ReplyDelete
  2. මධුරංග - කොල්ලෙක් හිටියත් ඊට‍ වඩා ලස්සන කොල්ලෙක් දැක්කම ඒ පැත්තට හිත ඇදෙනවා එයාලගේ...
    මමත් මේ දැනගන්න අහන්නේ, ඔය කෙල්ලගේ නම්බර් එක ඕනෙද?

    දේව්දාස්...

    ReplyDelete
  3. අහ්... ඔහොම කෙල්ලො ඕන තරම් ඉන්නවා. කොල්ලොත් ඉන්නවා ඔය වගේම. කෙල්ලො ඉද්දි වෙන කෙල්ලො පසෙන් යන.:/ හොඳ අය නරක අය දෙගොල්ලොම ඉන්නවනෙ.

    හිතුවක්කරිටත් ඔය නම්බර් දෙන්න එහෙම හදන්නෙ එකේක කොල්ලො. ඒත් හිතුවක්කාරි නෙවෙයි ඇහැක් ඇරලා බලන්නෙ.:D

    ReplyDelete
  4. හ්ම්ම් ඔයවගේ වැඩ කරන කොල්ලොත් සිටී.. කෙල්ලොත් සිටී..
    මටනං හිතෙන්නෙ වෙලාවකට.. ඔය වගේ වැඩ කරන්නෙ මෝඩ කමට කියල.. මොකෝ.. අන්තිමේදි බදින්න වෙන්නෙ එක්කෙනෙක් කියල නොදන්නවැ.. අනික ඔහොම එව්ව තිබිල බැන්දත් ඊට පස්සෙ තව ප්‍රශ්ණ.. අනේ මන්ද මේ ලොල්ලන්ටයි ලෙල්ලන්ටයි කවද ඔයටික තේරේවිද කියල..

    ReplyDelete
  5. හිතුවක්කාරී - හොඳ නරක දෙගොල්ලොම ඉන්නව තමයි... ඒත් හිතුවක්කාරී කියනකොට හැමෝම කියන්නේ නෑ "සමහර" කියන පදේ පාවිච්චි කරලා...

    හිතුවක්කාරී අහක් ඇරලා බලන්නේ නැතුව ඇස දෙකම ඇරලා බලනවද දන්නේ නෑ...

    දේව්දාස්...

    ReplyDelete
  6. හිම කුමාරි - ඔය වගේ අයට බැඳලා වත් එක්කෙනෙක් එක්ක ඉන්න පුළුවන් වෙයිද කියලයි දේව්දාස් කලපනා කලේ...

    දේව්දාස්...

    ReplyDelete
  7. ඇත්ත කතාවක්. මේ ගැනජිවිත අත්දැකිමක් මටත් තියනවා එක මන් දැනටමත් ලියන්ව. එ වගේම ඉදිරියෙදි මෙ ගැන ලියන්නත් හිතනවා. එල ලිපිය. මෙක තමා තිත්ත උනත් ඇත්ත.

    ReplyDelete
  8. මුනු පොතේ අපිත් එක්ක එකතුවෙන්න https://www.facebook.com/groups/111703972250107/

    ReplyDelete
  9. පිස්සු පූසා - බොහෝම ස්තුතියි අදහස් දැක්වූවාට... ඒ ලිපිය කියවන්න දේව්දාස් බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    ඔන්න මම ඉල්ලීමක් කළා මුහුණු පොතේ කණ්ඩායමට එකතු වෙන්න... බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete
  10. ඔව් ඔහොම ගෑනු ලමයි ඕනෙ තරම් සමාජයේ ඉන්නවා.අපි ඉතින් වග බලා ගන්න ඕනේ එයාලට අහු නොවී ඉන්න.

    ReplyDelete
  11. rmpmcreation - ඒක ඇත්ත... කව්රු කොහොම උනත් අපි දැනගන්න ඕනේ හරියට ඉන්න... බොහොම ස්තුතියි අදහස් පළ කළාට... ඉදිරියටත් මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  12. අද තමයි මේ පැත්තෙ ආවෙ. හොඳට ලියනවා. දිගටම මේ වගේ ලියන්න

    ReplyDelete
  13. blog gadol - බොහෝම ස්තුතියි... ඔබගේ අදහස් දක්වන්න ඉදිරියටත් මෙහි එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  14. සම හරක් කෙල්ලෝ කොල්ලෝ ඔහොම තමා ...........

    ReplyDelete
  15. The Lion - ඒක නම් ඇත්ත කතාව... අදහස් දැක්වුවාට බොහෝම ස්තුතියි... දිගටම මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete