Thursday, July 28, 2011

දේව්දාස් යනු කව්රුන්ද...?

                   ආරම්භක බ්ලොග් සටහනින් කිව්වා වගේ මම ඉංග්‍රීසි ගුරුවරයක්‌... හ්ම්ම්ම්... මේක නිකන් තැනින් තැනින් කතාවක් අහනවා වගේනේ... ඔන්න එහෙනම් මම ගැන මුල ඉඳන්ම පුංචි රචනාවක්...

                   මම දේව්දාස්... කෙටියෙන් දේව්... මම ගිය අවුරුද්දේ තමයි උ/පෙ කළේ... හෑ... ගිය අවුරුද්දේ උ/පෙ කරපු එකෙක් කොහොමද ගුරුවරයෙක් උනේ කියල බලනවා ඇති නේද? ඇත්තටම මම ස්වෙච්චා ගුරුවරයෙක්... අපේ ගමේ පාසලේ ඉංග්‍රීසි උගන්නනවා... ඔන්න ඔහොමයි මම ගුරුවරයෙක් කියන්නේ... ඇත්තටම මම දන්නේ නෑ මම ඒ විදියට හඳුන්වල දෙන එක සාධාරණද කියල... මොකද මම රජයේ පත්වීමක් නොලබපු අයෙක් නිසා... කොහොම උනත් මම උගන්නන්නෙත් රජයේ පත්වීම් ලබපු ගුරුවරු උගන්නන්නෙත් එකම විෂය කරුණු...

                   මම මේ බ්ලොග් අවකාශයට ඇවිත් අදට තාම දවසයි... මම මේ ලියන දෙවැනි බ්ලොග් සටහන... දවසින් දවස ලියන්න අදහසක් නැති උනත්, මට හැකි හැම වෙලාවෙම ලියන්න බලාපොරොත්තු වෙනවා... ඉතින් මට වචනයෙන් හෝ ශක්තියක් වූ සැමට ස්තුතියි... නැවත හමුවෙමු...

දේව්දාස්

14 comments:

  1. එලස් ලියමු ලියමු....
    බලාගෙන යද්දි අපේම වයසෙනේ....

    ReplyDelete
  2. MaRLan - සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් අය අපේ වයසේ අය වගෙයි නේද? දිරි ගැන්වීමට බොහොම ස්තුතියි...

    ReplyDelete
  3. මාතර අය්ය කෙනෙක් නෙ.හොදයි හොදයි අපිත් මාතර තමා.

    ReplyDelete
  4. හිම හංසි - එහෙනම් සිංහල බ්ලොග් ලියන්නේ ගොඩක්ම මාතර තරුණ පරපුර වගේ... අඳුනගන්න ලැබීම සතුටක්... හිම හන්සිගේ බ්ලොග් සටහන් කියෙව්වට, ඒවා ගැන අදහස් පළ කළාට අදනේ දන්නේ මාතර කියල...

    ReplyDelete
  5. මචං උබ මාතරද...? ආ,,,,, අපි ලගදිම එනවා උබේ කැම්පස් එකට කට්ට කන්න....

    ReplyDelete
  6. දිගටම ලියන්න දේව් , ඔන්න එහෙනම් අපිත් එනවා අද ඉදන් ඔයාගේ ලිපි කියවන්න :)

    ReplyDelete
  7. MaRLaN - ඔව් මචෝ... දේව්දාස් මාතර තමයි... රුහුණට ආපුවම හම්බවෙන්න බැරිය... මමත් සති අන්තේ ඕකේ තමයි...

    ReplyDelete
  8. ChammA - බොහොම ස්තුතියි... ඔයාලගේ ඔය වචන ටිකම දේව්දාස් ට ලොකු හයියක්...

    ReplyDelete
  9. නියමයි දේව්...!!! දිගටම ලියන්න.. බැරිද මටත් පොඩ්ඩක් ඉංග්‍රීසි උගන්වන්න..:)

    ReplyDelete
  10. හිතුවක්කාරී - මොකද බැරි... හැබැයි මෙතන ඇවිල්ලත් හිතුවක්කාර කම් කලොත් අනිනවා ටොක්කක්...

    ReplyDelete
  11. එල දිගටම ලියමු .............

    ReplyDelete
  12. The Lion - බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete
  13. පත්වීමක් ලබෙන්නම ඕන නැහැනේ ගුරුවරයෙක් වෙන්න... ළමයිට දැනුම බෙදාදෙන ඕනෑම කෙනෙක් ගුරුවරයෙක්.. ඒ කියන්නේ ඔබ ගුරුවරයෙක්ක්.. ඒ ගැන සැකයක් තියාගන්න එපා..

    ReplyDelete
  14. වර්ණා - බොහෝම ස්තුතියි... මොකද දේව් ගේ හිතේ පුංචි හෝ හීන මානයක් තිබුණ නම් දැන් ඒකත් නැති වෙලා ගියා...

    දේව්දාස්...

    ReplyDelete