Wednesday, July 27, 2011

දේව්දාස් ගේ පළමු ලියමන...

        මම අන්තර්ජාලේ පදිංචි උනේ මීට මාස 2 කට විතර කලින්. ඒ කියන්නේ dongle එකක් ගත්තේ... ඉස්සෙල්ල කියන්නම් කෝ මම ගැන. මම ගුරුවරයෙක්. ඉංග්‍රීසි විෂය උගන්නන ගුරුවරයෙක්. වැඩ කරලා නිකන් ඉන්න කාලයේ Internet සැරිසරනකොට අහම්බෙන් දැක්ක සිංහල බ්ලොග් සටහනක්. ඉතින් එදා ඉඳං මම අද වෙනකන් බ්ලොග් සටහන් කියවන්න අමතක කරන්නේ නෑ...

         ඔහොම කියවන අතරේ මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න. හරියටම කිව්වොත් ඊයේ රෑ 10.26ට. ඉතින් මම අද ඒ ආශාවට පණ පෙව්වා. මේ ඔයාල කියවන්නේ අන්න ඒ සිතුවිල්ලෙන් මල් ඵල ගැන වුනු මගේ බ්ලොග් සටහනය්...

        මම ආගන්තුකයෙක් මේ මහා අවකාශයට. ඒත් මම කැමතියි මේ අවකාශයේ සැරිසරන්න, මගේම සටහන් ඉදිරිපත් කරන්න. ඉතින් මෙන්න දේව්දාස් ගේ පළවෙනි බ්ලොග් සටහන. ආයෙත් හමු වෙමු.

දේව්දාස්

12 comments:

  1. එල සහෝදරයා... සුබ පැතුම්... දිගටම ලියන්ට..
    පුලුවන් වෙලාවක් අපේ බ්ලොග් එකටත් ගොඩ වෙලා යන්න... (අක්ෂර)
    abc-de-z.blogspot.com

    ReplyDelete
  2. චේ උන්නැහේ... මම මේ මහා අවකාශයේ තනි වෙලා නැති බව දැන් දැනෙනවා... දේව්දාස් ගේ පළමු ලියමනේ මෙන්ම දේව්දාස් බ්ලොග් පිටුවේ ද පළමු අදහස් දැක්වීම කළ ඔබට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  3. මගේ උනුසුම් සුබ පැතුම්.....
    සාදරයෙන් පිලිගන්නවා කියන්න අමාරුයි.මොකද මේ බ්ලොග් අවකාශයට මමත් අලුත්...
    දිගටම ලියන්න හැකි වේවා.......

    ReplyDelete
  4. මී හරක් පිඩියා - බොහෝම ස්තුතියි... ඔබටත් එලෙසම දිගු ගමනක් යාමට හැකි වේවායි මම ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  5. අද තමයි ඉතින් මේ පෑත්තෙ ආවෙ.දිගටම ලියමු අය්යෙ.සුබ පෑතුම් හිම හන්සිගෙන්

    ReplyDelete
  6. හිම හංසි - බොහෝම ස්තුතියි හිම හංසි... දිගටම මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    ReplyDelete
  7. දේව්දාස් එක්ක අපිත් ඉන්නවා.දිගටම ලියමු.. ඔබට ජය.. :)

    ReplyDelete
  8. චතුමිතු - බොහෝම ස්තුතියි... ඔය වචන ටික පවා දේව්දාස් ට ගොඩක් වටිනවා...

    ReplyDelete
  9. ඔන්න සිංහයත් දේව්දාස්ගේ කතා කියවන්න පටන් ගත්තා .......

    ReplyDelete
  10. The Lion - බොහෝම ස්තුතියි... දිගටම එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  11. මමත් ඉන්නවා.. දිගටම ලියන්න..

    ReplyDelete
  12. වර්ණා - බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete