අද කියන්න යන්නෙත් දේව් අත්දැකපු දෙයක්... මීට දවස් 2 කට කලින් දේව් අම්මත් එක්ක ගියා දේව් ගේ පෙර පාසැල් කාලේ යාලුවෙක්ගෙ ගෙදර... ඇත්තටම කිව්වොත් ඒ ගියේ අවුරුදු 14 න් කියන එක කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... පෙර පාසලෙන් අයින් වුනාට පස්සේ එදායි ආපහු ගියේ...
අවුරුදු ගානකට පස්සේ වුණත් යාළුවගේ ගෙදර නම් වෙනස් වෙලා නෑ පොඩ්ඩක්වත්... දේව් යාළුවා එක්ක කතා කර කර ඉන්නකොට දැක්කා බිත්තියේ එල්ලලා තියනවා යාළුවගේ පුංචි නංගිගේ පින්තූරයක්... ළමා සාරිය ඇඳන් ඉන්න ඒ පින්තූරේ දැක්කම අවුරුදු ගානකින් දැකල නැති වුණත් නංගි කොච්චර පින්වන්ත පාටද කියල දේව් ට හිතුණා...
ඒත්... විශ්වාස කරන්න එතකොටම දොරකින් එලියට මතු වුණේ ඒ පින්තූරේ ඉඳපු නංගිම තමයි... ඒත් ස්වරූපය නම් සම්පූර්ණයෙන්ම වෙනස්... අඟල් වලින් මනින්න පුළුවන් පුංචි සාය කෑල්ලක් ඇඳන් ස්කිනර් එකක් ඇඳන් ආපු ඒ නංගි මද මේ පින්තූරේ ඉන්නේ කියල මම ආයෙත් පින්තූරේ දිහා බැලුවා... ඔව් මේ නංගි ම තමයි... ඒත් අර මුලින් හිතට දැනුණු දේවල් යටපත් කරගෙන පිළිකුලක් වගේ දෙයක් මතු වුණා... ඒත් ඒ ඇයි කියන්න දන්නේ නෑ...
දේව්දාස් ට කියන්න ඕනේ වුණේ මෙන්න මේ දේයි... අපේ ළමා සාරිය අඳින ඕනෙම ගැහැණු ළමයෙක් හරිම පින් පාටයි... හරිම අහිංසක පාටයි... ඒත් අපේ ගැහැණු ළමයින්ට ඔය ළමා සාරියම දහම් පාසලට වුණත් ඇඳන් එන එක කොච්චර අමාරු වැඩක්ද? ගොඩක් ගැහැණු ළමයි කැමති නෑ ළමා සාරිය අඳින්න... ඊට වඩා හොඳයි එයාලට ගවුම අඳින එක... ඒත් ළමා සාරියෙන් මතු වෙන ඒ චාම් බව, පින්වන්ත බව මතු කරන්න මේ ලෝකේ කිසිම ඇඳුමකට බෑ කියලයි දේව් ට හිතෙන්නේ...
මේ දේව්දාස් අත්දැකපු පුංචි සිදුවීමක් පමණයි... නමුත් දේව්දාස් හිතනවා මෙතන හිතන්න යමක් තියනවා කියලා... ඒ නිසයි මේ පුංචි සිදුවීම පළ කළේ... ඉතින් සිතීම හෝ සිනාසීම ඔබට භාරයි...
දේව්දාස්...