Thursday, August 18, 2011

දේව්දාස් දුටු ගැහැණු ළමයි...

            අද උදේ දේව්දාස් 11 ට විතර පාන්දරින්ම නැගිට්ටා... සුපුරුදු ක්‍රියා පටිපාටියට පස්සේ අලුතෙන් දාපු බ්ලොග් ලිපි කියෙව්වා... ඔහොම කියවන අතර තුරේ පොල් සමන් ගේ ලිපියකුත් කියවන්න ලැබුණා... වෙන මුකුත් ගැන නෙමෙයි, ඔය උඩින තියෙන මාතෘකාවට සම්බන්ධ දෙයක් ගැන... ගෑණු ළමයි ගැන... ඉතිං ගෑණු ළමයි ගැන නිසා දේව්දාස් නුත් අනිත් ලිපි පැත්තකින් තියල හනිකට පොල් සමන් ගේ ලිපිය බැලුව... ඉතිං ඔහොම ආසාවෙන්  ඔය ලිපිය කියවල ඉවර උනාම දේව්දාස්ටත් මතක් උනා මමත් දැකපු අහපු ඔය වගේ සිද්දීන්... හෝ දහය විස්ස ගහල ඔන්න දේව්දාස් සිද්දි දෙකක් තෝර ගත්තා... මෙන්න මේකයි උනේ...

             1. දේව්දාස් A/L කරන කාලේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ, දේව්දාස් එයාගේ යාලුවෝ එක්ක විභාගයට  මාස 2 ක් විතර කල් තියෙන කාලෙක ගියා ටිකක් relax වෙන්න කියල ෆිල්ම් එකක් බලන්න... (ඒකයි මේ තාම relax එකේ ඉන්නේ) ඉතිං අපි ෆිල්ම් එකක් බලන්න ගියොත් ඒක බලල ඉවර වෙලා හැමදාම වගේ එලියට වෙලා ඉන්නවා ෆිල්ම් එක බලන්න ආපු අය කව්ද කියල බලන්න... (කුතුහලය මිසක් වෙන දෙයක් නෙමෙයි)

              ඉතිං ඔහොම බලන් ඉන්නකොට දේව්දාස් ගේ ගෙවල් පැත්තේ නංගි කෙනෙක් එනවා එලියට එයාගේ වෙන්න ඉන්න මහත්තයා එක්ක... මාම හිතුවේ නෑ ඒ නංගි මාව අඳුනනවා ඇති කියල... ඒත් ඒ නංගි මාව දැක්ක ගමන් වෙන්න මහත්තයට මුවා වෙලා ගියා... හැබැයි ඉතිං මම එයාව දැකල ඉවරයි...

              හැබැයි ඉතිං හොඳම වැඩේ උනේ ඊළඟ සතියේ... අපි ෆිල්ම් එක බලන්න ඊට කලින් සතියේ කට් කල පන්තියේ ඉස්සරහම පේලියේ වාඩි වෙලා හොඳ ළමයි වගේ හිටියා... පන්තියේ කම්මැලි පැය දෙක ඉවර උන හැටියේ අපි දුවන්නේ අර ෆිල්ම් එක බලන්න ගිය ෆිල්ම් හෝල් එක ගාව තියෙන බේකරි එකට... මොකද ඒකෙ රුපියල් 15 ට දෙනවා උළුඳු වඩේ එකක්, ගහල බිම දාන පුළුවන් මිනිහෙක්ව... ඉතිං අපි බඩ පැලෙන්න කාලා එලියට බැස්ස විතරයි මෙන්න අර නංගි අදත් ෆිල්ම් එක බලල එනවා එලියට...

             පළවෙනි දවසේ ෆිල්ම් එක බලන්න ගිය කියමු, දෙවනි දවසේ බලන්න යන්නේ මග ඇරිච්ච ඒවා බලන්නද? මග ඇරෙන්න මොනවා කලාද? ඔන්න ඕවා තමයි දෙව්දාස්ට ආපු ප්‍රශ්න... කොහොම කොහොම හරි නංගි නම්  දේව්දාස් ව දැක්කේ නෑ එදා... ඔය සිද්දිය වෙලා සතියක් යන්න උනේ නෑ මෙන්න ගමේ හැමෝගෙම ෆෝන් වල  අර නංගි ගේ video එකක් තියෙනවා... මොන වගේ video එකක්ද කියල කියන්න ඕනේ නෑ නේ...

              ඔය සිද්දිය ගමේ ගොඩක් ලොකුවට ඇවිලුනා... මේ නංගි ව එයාලගේ අම්මලා නෑ කෙනෙක්ගේ ගෙදරක නැවැත්තුවා මාතර වල්ගම පැත්තේ... හැබැයි ඒ ගෑණු ළමය ගැන සක්සේරුවක් ගන්න පුළුවන් විදියේ  සිද්දියක් දේව්දාස් ඊට ටික කාලෙකට පස්සේ දැක්කා... ඒ නංගි ම වෙන වෙන්න මහත්තයෙක් එක්ක බස් එකක යනවා පස්සේ සීට් එකේ... අච්චර දෙයක් වෙලත්... අනේ මන්දා... දේව්දාස් මේ කතාව කිව්වේ පොල් සමන් කියල තිබුණ ගෑණු ලමයයි මේ ගෑණු ලමයයි අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක් විතරක් නිසා...

             දෙවෙනි කතාව කියන්න ගියොත් මේ ලිපිය පැදුරක් වෙන නිසා ඒ කතාව හෙට පළ කරන්නම්... දේව්දාස් දන්නවා හැම ගෑණු ලමයම එක වගේ නෑ කියල... ඒත් බහුතරයක් එක වගේ... ඒ මෙන්න මේ කිව්ව වගේ... ඉතිං මේ ලිපිය දේව්දාස් දුටු ගැහැණු ළමයි ගැනයි...

දේව්දාස්

22 comments:

  1. හපොයි.... බහුතරයක් නෙවෙයි 50%ක් විතර ඔය වගේ,, ඒත් හොඳ කෙල්ලොත් ඉන්න බව අමතක කරන්න එපා යාළු..

    ReplyDelete
  2. මචං දේව් මටත් උනානෙ ඔහොම වැඩක්.... මං අම්බානෙක තරහකින් අර ඇරිටස් පෝස්ට් එක දැම්මෙ.... සිරාවටම කෙල්ලො කියන්නෙ මහ _____________ ජාතියක්

    ReplyDelete
  3. ප්‍රාර්ථනා - නෑ නෑ යාළුවා... දේව්දාස් කිව්වනේ හැමෝම එක වගේ නෑ... හොඳ අයත් ඉන්නවා... හැබැයි කළු නික හොයනවට වඩා අමාරුයි හොයන්න... සමාවෙන්න ප්‍රතිශතය වැරදිනම්, දේව්දාස් දැම්මේ දේව්දාස් විශ්වාස කරන ප්‍රමාණය... බොහෝම ස්තුතියි ඒ බව පෙන්නලා දුන්නට...

    දේව්දාස්...

    ReplyDelete
  4. කම්මැලියා - හැබැයි ඕකට ගෑණු ළමයි ටික මොනවා කියයි ද දන්නේ නෑ... ඒක නිසා අපි ඕක වෙනස් කරමු සමහර කෙල්ලෝ මහ ___________ ජාතියක් කියල... එතකොට හැමෝම හරි නේ...

    දේව්දාස්...

    ReplyDelete
  5. සහතික කතාව අයියේ.
    අද කාලේ කෙල්ලො පොත්ත සුදු උනා කියලා ඒක අනවශ්‍ය ආභරණයක් කරගෙන තියනවා..කරන හැම බලු වැඩක් ම කරන්නේ මේ කෙල්ලො තමයි..

    ReplyDelete
  6. පුදුම කෙල්ලෙක් නේ !!!!
    නිකන් දැනගන්න අහන්නේ දැන් ඔය වීඩියෝ එක කාගෙවත් ෆෝන් වල නැද්ද ? :)

    ReplyDelete
  7. බලාගෙන යනකොට ඔක්කොම එකයි බං...මහ කුප්ප කුජීත විලිලැජ්ජාව නැති අමන තුප්පහි ජාතියක්.....ඕකුන්ට හෙණ ගහන්නේ පණ පිටින්....අම්මපා....

    ReplyDelete
  8. මී හරක් පිඩියා - අපි ඔතනදි සමහර කියන වචනේ අනිවාර්යෙන්ම පාවිච්චි කරමු නේද... ඒ වචනෙත් දැම්මනම් සහතික කතාව...

    දේව්දාස්...

    ReplyDelete
  9. මධුරංග - පුදුම කොල්ලෙක්නේ!!!!
    නිකන් දැනගන්න අහන්නේ දන් ඔය වීඩියෝ එක ඔයාට ඕනේ ද? හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  10. පොල් සමන් - ඔව් බන්... ගොඩක් අය අර මී හරක් පිඩියා කිව්වා වගේ පොත්ත සුදු උනාම ලෝකෙ ඉන්නේ එයාල විතරයි කියල හිතනවා... හැබැයි බන් හොඳ අයත් නැත්තේ නෑ... හොයාගන්න අමාරුයි...

    දේව්දාස්...

    ReplyDelete
  11. අප්පේ... ගෑණු ජාතිය ඔහොම්මයි බං... ගලේ ගහලවත් ඔවුන්ව හදන්න බෑ.අද එකෙක් එක්කනම් හෙට වෙන එකෙක් එක්ක.

    එල පෝස්ටුව ඈ

    ReplyDelete
  12. මේ කමෙන්ටුවටත් සමහර කියන පදේ එකතු කලොත් හොඳයි වගේ... එතකොට නම් සහතික ඇත්ත කතාව...
    බොහොම ස්තුතියි අදහස් පළ කිරීමට... දේව්දාස් ගේ ලිපි බලන්න දිගටම එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  13. අහ්හ්හ්හ්හ්හ්... ඔව් ඔව්.. හැම ගෑණු ළමයෙක්ම ඔහොම නෑ... හොඳ ළම්යි ඉන්නාවා.. මේ මං වගේ...හිතුවක්කාර වුනත්.. හොඳ හැදිච්ච ළමයි ඕන තරම් ඉන්නවා..:)

    ReplyDelete
  14. හිතුවක්කාරී - හිතුවක්කාරයි කියන්නේ හොඳ ළමයින්ට කියල දේවදාස් මේ ඇහුවමයි... හැමෝම එක වගේ නෑ... ඒක හරි...

    දේව්දාස්...

    ReplyDelete
  15. හික් හික්.... එහෙම තමයි.. මේ හිතුවක්කරි හොඳයි..;)

    ReplyDelete
  16. හිතුවක්කාරී - හොඳ හිතුවක්කාරි, හොඳ කියන වචනෙයි හිතුවක්කාර කියන වචනෙයි එකට යනවද මන්දා... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  17. අර කිව්වත් වගේ හැමෝම ඔහොම නෑ.. ප්‍රතිශතයක් ගැනනං දන්නෙ නෑ ඕං... හි හි...
    ඇත්තට බලන් ගියාම කෙල්ලොවිතරක් නෙවී ඔහොම කොල්ලොත් ඉන්නව අෆ්ෆා.. මොනාට බොරු කරනවද මන්ද..

    අදයි මෙහාට ආවෙ.. ජය!! :)

    ReplyDelete
  18. හිම කුමාරි - හ්ම්ම්ම් අදයි බලාපොරොත්තු උන කමෙන්ට් එක ලැබුණේ... ඔන්න හිම කුමාරියේ ඒකට උත්තරේ මේකෙම දෙවැනි කොටසෙන් ගන්න පුළුවන්...
    බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට, ඉදිරියටත් මේ පැත්තේ එයි කියල දේවදාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  19. අනේ මන්දා මෙහෙමත් කෙල්ලො.
    හිරිකිතයි
    මට පේන්නේ එයත් record තියන්න යන්නේ.

    ReplyDelete
  20. රහස් පරීක්ෂකයා - හ්ම්ම්ම්... ඔය වගේ හිරිකිත ටිකක් නිසා තමයි හැම ගෑණු ළමයම බැනුම් අහන්නේ ඔය ගොඩට වැටිලා... මෙහෙම අයත් ඉන්නව කියල දැනගෙන ඉන්න ඒක හොඳයිනේ...

    දේව්දාස්...

    ReplyDelete
  21. ඔය වගේ කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා.හැබැයි ඉතින් බහුතරක් ඉන්නේ කෙල්ලෝ තමයි ..............

    ReplyDelete
  22. The Lion - අනිවාර්යෙන්ම... කොල්ලොත් ඉන්නවා මේ වගේ වැඩ කරන...

    දේව්දාස්...

    ReplyDelete