Wednesday, August 17, 2011

දේව්දාස් ආදරය දකින හැටි...

            දේව්දාස් ඊයේ ආදරේ පොඩ්ඩක් සම්බන්ධ වුනු ලිපියක් පළ කළා... ඉතින් බ්ලොග් අඩවියට සහ පෞද්ගලිකව ලැබුණු අදහස් ගැන හිතල බලන කොට දේව්දාස් ට හිතුනා දේව්දාස් ආදරේ දකින විදිය ගැන ලියන්න... මේ දේව්දාස් ට ආදරේ ගැන හිතෙන හැටි...

            කෙලින්ම කිව්වොත් අපි ගොඩක් දෙනා ආදරේ කරලා නෑ... ආදරේ කරනවා කියල කරලා තියෙන්නේ ආදරේ නෙමෙයි... ඉන්න මට බනින්න එපා... මම තේරුම් කරන්නම්...

             අපි කියනවා නේද "ඔයාව දැක්ක වෙලාවෙමයි මට ඔයා ගැන ආදරේ හිතුනේ" කියල... ඒත් ඒ ඇති වෙලා තියෙන්නේ ආදරේ නෙමෙයි... ආදරේ ඇති වෙන්න බොහෝ දුරට ගොඩක් කල යනවා... සමහරවිට ගොඩක් කල් යන්නේ නැතිව ආදරේ ඇති වෙන්න පුළුවන්... තේරෙන්නේ නෑ නේද..? ඉන්න සරලව තේරුම් කරන්නම්...

             මිනිස්සු එක පාරට තරුණ වෙලා ඉපදෙන්නේ නෑ නේද..? ඒ වගේම ආදරේ කියන කාරණාව එක පාරටම ඇති වෙන්නේ නෑ... ආදරේ කියන කාරණාව ඇති වෙන්න කලින් අවධි 4 ක් පහු කරන්න තියෙනවා...

              1.  ආකර්ෂණය
                                     විරුද්ධ ලිංගිකයෙක් දැක්කම අපි කාටත් ඇති වෙන දේ... අපි ඕකට තමයි දැක්ක ගමන් ආදරේ ඇති උනා කියල කියන්නේ... ඒත් නෑ... අපි කෙනෙක් දැක්කම ඇති වෙන ආසාව තමයි පළවෙනි අවධිය...

               2.  ආශ්‍රය
                            ආකර්ෂණය ඇති උනාට පස්සේ අපි උත්සහ කරන්නේ මෙන්න මේ දේට... ආකර්ෂණය ආදරේ කියල හිතාගෙන කැමැත්ත අහනවා... අහල කැමති උනාම ආදරේ කරනවා කියල කරන්නේ ආශ්‍රය කරන එක... මේ ඉහත කිව්ව දෙකම අපිට සුපුරුදු කරුණු...

               3.  සොයා බැලීම
                                        ආශ්‍රය කරන කාලයේදී අපි සොයන දේවල් එයා ළඟ තියේද නැද්ද, අපි කැමති නැති දේවල් එයා ළඟ තියේද නැද්ද,  එයා කැමති නැති දේවල් අපි ළඟ තියේද, මේ අපි හොයන කෙනාද කියන එක හොයල බලන එකයි මේ අවධියේදී කරන්නේ... අපිට ආදරේ කරනවා කියල ආශ්‍රය කරනකොට  ඒ කෙනාගේ වැරදි පෙන්නේ නෑ මේ කාලෙදි... හැබැයි පස්සේ නැති වැරදිත් පේනවනේ...

               4.  තේරුම් ගැනීම
                                         සොයා බැලීම තුලින් තමන් තේරුම් ගත් තමන්ගේ වැරදි අඩු පාඩු, අනෙකාගේ වැරදි අඩු පාඩු හදාගන්න, ඒ අනුව හැඩ  ගැහෙන්න පුලුවන්ද කියල තමන් තේරුම් ගැනීම තමයි 4 වෙනි අවධිය...

               5.  ආදරය
                              මේ අවධි 4 පහු කරලා තමන්ට ගැලපෙන කෙනා තෝර ගන්නා කෙනෙක්ට ආදරේ ගැන පසු තැවෙන්න අවශ්‍ය වෙන එකක් නෑ... ඒ වගේම ජීවිතේට ආදරය දෙතුන් වතාවක් අවශ්‍ය වෙන එකකුත් නෑ...

              කෙනෙක් දැක්කම ඇතිවන ආකර්ෂණය මත ගොඩ නැගෙන සම්බන්දතාව ආදරය කියල වරදවා වටහා ගත්ත අපේ මුළු සමාජයටම මේ ලිපිය වැදගත් වෙයි කියල දේව්දාස් විශ්වාස කරනවා... විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට... මොකද, වර්තමානයේ එයාල තමන්ගේ වටිනාකම ගැන හැගීමක් නැතිව කරන වැඩ ගැන හැම තැනින්ම අහන්න ලැබෙනවා... ඒ ගැන වෙනම ලිපියක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා...

              ඉතින් මීට වඩා වෙනස් අදහස් ඔයාලට ඇති... දේව්දාස් සූදානම් ඒවා ගැන දැනගන්න... මේ දේව්දාස් ආදරේ දකින හැටි...

17 comments:

  1. මම හිතනවා මගේ ආදර කතාව දන්නවා කියලා .....

    ReplyDelete
  2. වෙලාව ලඟයි - ඒ ආදර කතාව මේ කියපු අවධි පහු කල ආදර කතාවක් නොවෙන්න ඇති කියලයි දේව්දාස් ට හිතෙන්නේ...

    ReplyDelete
  3. මරු පෝස්ට් එක දේව්

    ReplyDelete
  4. රත්ගමයා - බොහෝම ස්තුතියි... දේව්දාස් ගේ අදහස් කියවන්න ඉදිරියටත් එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්... ඇත්තක් තියනවා මේකෙ.. හරි.. දිගටම ලියන්න..ජය..!!!

    ReplyDelete
  6. හිතුවක්කාරී - බොහෝම ස්තුතියි... දේව්දාස් ට වචනයකින් හෝ ශක්තියක් වෙන්න ඉදිරියටත් එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    ReplyDelete
  7. අවුරුදු 8ක් යනකොට ඔය කියන අවධි ඔක්කොම පහු කරලා තියෙයිද දේව්දාස්?

    ReplyDelete
  8. මුලින්ම දැක්කාම සුර දුතියක් වගේ පේන කෙල්ල ටික දවසක් ආශ්‍රය කරනකොට මල යක්ෂණියක් කියලා තේරෙන්නත් පුළුවන්. එත් දැන් වෙන්නේ ඔය පලවෙනි දෙවැනි අදියරවල් පහු කරපු ගමන් කොහේ හරි අදින එක නේ. හොයල බලලා තේරුම් අරන් ආදරය කරන්න හදනකොට පෙරහැර ගිහින් ඉවරයි

    ReplyDelete
  9. දිනුක ජයකොඩි - සමහර විට අවුරුදු 8 ක් වෙන්න පුළුවන්, සමහර විට මාස 8 ක් වෙන්න පුළුවන්, සමහරවිට දවස් 8 ක් වෙන්නත් පුළුවන්... ඒක තමන්ගේ හැකියාව...

    බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට... ඉදිරියටත් මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    ReplyDelete
  10. අම්බලම - ටික කාලයක් දේව්දාස් ට ඉඩ දෙන්න... මේ දවස් වල දේව්දාස් ලියන්න හිතාගෙන ඉන්න ලිපියේ ඔය අදහසට පිළිතුර තියෙනවා... ඒ ලිපිය පළ කළාම අනිවාර්යෙන් අදහසක් දක්වන්න...

    බොහෝම ස්තුතියි අදහස් පළ කළාට... ඉදිරියටත් දේව්දාස් ට ශක්තියක් වෙන්න මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    ReplyDelete
  11. ඒත් මේ හතරම බොහොම ටික කාලයක් ඇතුලත වුනත් ඉටු වෙන්න පුළුවන් නේද? අනේ මන්දා.. ආදරේ කියන වචනේ හරි සංකීර්ණයි..

    ReplyDelete
  12. ප්‍රාර්ථනා - ඔව් බොහෝම ටික කාලයක් ඇතුලත උනත් ඉටු වෙන්න පුළුවන්... තමන්ගේ හැකියාව මත ඒ දේ තීරණය වෙන්නේ...

    අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි... ආයෙත් දේව්දාස් ට ශක්තියක් වෙන්න එයි කියල විශ්වාස කරනවා...

    ReplyDelete
  13. ආදරය කියන්නේ අනිකාගෙ සතුට වෙනුවෙන් වෙන්විම කිව්වොත්,,,,
    දේව් මැරුණ් නැත්නම් එක ආදර කතාවක් වෙවිද?

    ReplyDelete
  14. දේව් ඔබගේ අදහස් වටිනවා.. තවත් ලියන්න. ඔය විධි වලට ආදරය සොයාගත්තොත් අනාගතයේ ඇසිමට ආදර කතාවක් තිබෙවිද?

    ReplyDelete
  15. රහස් පරීක්ෂකයා - අදහස් වලට ගරු කරනවා... ඒත් ආදරයක් හා ආදර කතාවක් අතර ලොකු වෙනසක් තියනවා කියලයි දේව්දාස් ට හිතෙන්නේ...

    දේව්දාස්...

    ReplyDelete
  16. ප්‍රාර්ථනා- ආදරේ සංකිරණ නෑ... මිනිස්සු ඒක සංකිරණ කරගෙන කිව්වොත්?
    දේව්දාස්-ඔව් , සෑම ආදරයක් ම කතාවක් විය යුතු නෑ.
    නමුත් කාලයට සාපෙක්ෂ වෙනවා නේද?
    දේව් - මා සදහන් කර ඇති කතාව ගැන හිතෙන්නේ කුමක්ද?
    ඔබේ අදහස වටිවි.

    ReplyDelete
  17. රහස් පරීක්ෂකයා - මම විශ්වාස කරනවා ඔබ විමසන්නේ දේව්දාස් මැරුණේ නැත්නම් ඒක කතාවක් නොවෙයි කියන කාරණාව ගැනයි කියලා... ඔව් බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්... නමුත් තවත් කාරණා ඊට සම්බන්දයි... දේව්දාස් පොහොසත් පවුලකින් පැවත ඒම... දේව්දාස් දුප්පතෙක් නම් අද දේව්දාස් කියල බ්ලොග් එකක් ලියන එකක් නෑ මේ විදියට... මොකද එහෙම උනා නම් කතාවක් නැති වෙන්න ඉඩ තිබුණා... දේව්දාස් බේබද්දෙක් වීම, අවසාන මොහොතේ පාරෝ ව බලන්නට ඒම... මේ සියල්ලේම එකතුවක් ලෙස දේව්දාස් කතාන්දරය නිර්මාණය වෙනවා... නමුත් කතාන්දරයට ජීවය ලැබෙන්නේ දේව්දාස් ජීවිතය හැර ගියායින් කියන කාරණාවට එකඟ වෙනවා...

    දේව්දාස්...

    ReplyDelete