Saturday, July 30, 2011

දේව්දාස් කැම්පස් යයි...

                   නෑ නෑ දේව්දාස් එච්චර මීටරයක්‌ නෙමෙයි... මේ කියන්න හදන්නේ දේව් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝම එක හදාරන්න හා හා පුරා කියල ගිය හැටි... ඇත්තටම දේව් පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි වලට ආසයි... දේව් විශ්වාස කරනවා ඉංග්‍රීසි එයාගේ ඇඟේම තියෙනවා කියල... :ඩ්

                 ඒ වගේම දේව් ට පුළුවනුත් ඉංග්‍රීසි විතරයි... පොඩි කාලේ ඉඳං ඉගෙන ගන්න කොච්චර විෂයන් තිබ්බත් දේව් ලකුණු 75 න් එහා ගත්තේ ඉංග්‍රීසි වලට විතරයි... ( ලකුණු 18 ගත්තු විෂයනුත් තිබ්බ 1 + 1 = 3 කියල ලිව්ව ) හැබැය් දේව් සා/පෙ  අසමත් උනේ නෑ... දේව් උ/පෙ ට තෝර ගත්තේ කලා විෂයන්... 2010 අගෝස්තු වල ලිව්ව විභාගෙන් දේව් අසමත් උනා... දැන් කට්ටිය බලනවා ඇති උසස් පෙළ අසමත් කෙනෙක් කොහොමද රජයේ පාසලක ඉංග්‍රීසි උගන්නන්නේ කියල... ඔව් දේව් උසස් පෙළ අසමත් තමයි... හැබැය් ඒ ආර්ථික විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි මිසක් ඉංග්‍රීසි නෙමෙයි... ඔන්න ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් උනා...

                 ඔන්න ඉතින් දේව් අද උදෙන්ම නැගිටල දත කට මැද ගෙන යන්න ලේස්ති වෙලා ආව මූණු පොත පැත්තේ... ඊළඟට බ්ලොග් අඩවි පැත්තෙත් රවුමක් දාලා වෙලාව යවා ගත්තා... හරියටම දවල් 12 ට ගෙදරින් එලියට බැහැපු දේව් විශ්ව විද්‍යාලෙට ගියා... ඒත් කව්රුවත් නෑ... වෙලාව 12.15ය්... ඇවිල්ල නෙමෙයි විදලා... දේව් ගේ දඬු මොණරෙට පින් සිද්ද වෙන්න තමයි... ඉතින් දේව් පැය භාගයක් කට්ට කෑවා කව්රුහරි එනකන්... ඔන්න ඉතින් පැය භාගෙකින් විතර ආවා තව කොල්ලෙක්... වැඩේ හරි, එකම පන්තියට... ඉතින් දෙන්න ඔහොම කතා කර කර ඉන්නකොට පංතියට එකා දෙන්න ඇවිත් පිරුනා... ඊට පස්සේ පංතිය පටන් අරන් ඉවර වෙනකන් ගෙවිල ගිය පැය 4 ගෙවෙනවා දේව් ට දැනුනේ නැත්තේ ඉංග්‍රීසි විෂයට තියෙන ආසාව නිසා වෙන්න ඇති...

                  කොහොම උනත් දේව් ගේ හිත අද සතුටින් පිරිලා... ඒ නිසයි අද නම් පොස්ට් එකක් දානවමයි කියල හිත හිත ඇවිත් තව පොඩ්ඩෙන් කාණුවක පීනන්න හැදුවේ...

                  මේ ලිපියේ තේරුමක් නැතුව ඇති ඔයාලට... මම මේක ලිව්වේ හිට්ස් කමෙන්ට්ස් වලට නෙමෙයි... මගේ හිතේ තියෙන සතුට ප්‍රකාශ කරන්න... මේක කියවල තමන්ගේ වටිනා කාලය අපතේ ගිය කියල හිතෙනවා නම් දේව් ට සමාවෙන්න...
මට අද හරි සතුටුයි...!!!

දේව්දාස්

16 comments:

  1. 1+1=3 නෙවෙයි..3 යි 3යි 3යි..:P 3න් වෙනි පොස්ට් එක අදමයි මම මේ පැත්තේ ආවේ...:)අන්තිමටම හරි තමන් කැමතිම දේ තොරගන්න ලැබුණා නේ.. එත් මම... තාමත් ඉගන ගන්නේ මම අකමැතිම දේ.. :(

    ReplyDelete
  2. මම නම් කවදාවත් ඉංග්‍රිසි විශයට 75ක් අරගෙන නැතුව ඇති.
    හැම පාරම 20,30 වගේ තමයි.
    මට ඉංග්‍රිසි විශය වහ කදුරු වගේ.

    අයියේ මේකේ Word verification අයින් කරගන්න බලන්නකො.මොකද කොමෙන්ටු දාන අයට ඒක පහසුවක් වේවි.

    ReplyDelete
  3. චතුමිතු - මොකක්ද ඒ අකමැතිම දේ? දේව්දාස් විශ්වාස කරනවා චතුමිතු ඉදිරියටත් මේ පැත්තේ එය කියල...

    ReplyDelete
  4. මී හරක් පිඩියා - ඔන්න word verification අයින් කළා... බොහෝම ස්තුතියි ඒ බව කිව්වට... ඉංග්‍රීසි අමාරු විෂයක් නෙමෙයි... උවමනාව විතරයි ඕනෙ...

    ReplyDelete
  5. ඔන්න මමත් අද ඉදලා දෙව්දාස් ලියන ඒවා කියවන්න එනවා !!!!

    ReplyDelete
  6. මධුරංග - ඒ වචන ටිකම දේව්දාස් ට ගොඩක් ලොකු හයියක්... බොහෝම ස්තුතියි...

    ReplyDelete
  7. මමත් ඕං අදමයි ආවේ දේවා! කෝ මේ පාරෝ? චන්ද්‍රමුඛී එහෙම?

    ReplyDelete
  8. විසිතුරු - පාරෝ, චන්ද්‍රමුඛී ගැන ලියනවා නම් බ්ලොග් එක පිරෙයි... ඉදිරියට එයාලා ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා... දේව්දාස් බලන්න ආව එකට බොහොම ස්තුතියි... ඉදිරියටත් මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

    ReplyDelete
  9. "ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත " නෙ.. නියමයි...
    ඉංග්‍රීසි පුළුවන් කියන්නෙ ඒකත් නියමයිනෙ.. මටනම් තාමත් බෑ ඕක හරියටම..:( හිතුවක්කරකමට හරියට ඉගනගන්නෙත් නෑනෙ..

    ReplyDelete
  10. හිතුවක්කාරී - හිතුවක්කාර කමට කවි කතා ලියන්න තියෙන හැකියාව දේව්දාස් ට නම් නෑ... ලොවෙන් එකෙක් ඒක දෙයකට වෙයි සමත... නමුත් ඉංග්‍රීසි ලේසියි... උවමනාව විතරයි අවශ්‍ය...

    ReplyDelete
  11. මම හිතන්නේ ඉංග්‍රීසි කියන්නේ ගොඩක් උවමනා වෙන භාෂවක්.විශේෂයෙන් වර්තමානයේදී ...............

    ReplyDelete
  12. The Lion - ඒක ඇත්ත... අද කාලේ ඉංග්‍රීසි නැතුව බස් එකේ ටිකට් එකක් ගන්නත් බෑ නේ... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  13. මමත් ගොඩාක් ආසම විෂයක් තමයි..

    ReplyDelete
  14. වර්ණා - ඔන්න දේව්දාස් ගේ බ්ලොග් ඒක කියවන්න ආපු ඉංග්‍රීසි වලට ආසා පලවෙනි කෙනා දැනුයි මුණ ගැහුනේ... අනිත් හැමෝම ආස නෑ කියලනේ කියන්නේ...

    දේව්දාස්...

    ReplyDelete
  15. එකනේ.. මට B තිබුනා English වලට A/L වලට.. හැමදාම අලුතින් වචන එකතු වෙන විෂයක් තමයි ඉංග්‍රීසි.

    ReplyDelete
  16. වර්ණා - අනිවාර්යෙන්ම... ඉංග්‍රීසි විෂය හැමදාම දියුණු වෙන විෂයක්... බොහෝම සතුටුයි ඉංග්‍රීසි වලට ආස තවත් කෙනෙක් අඳුනගන්න හරි ලැබුණට...

    දේව්දාස්...

    ReplyDelete