Sunday, May 3, 2020

ලෝකය සහ ජීවීන්ගේ ආරම්භය...


ලෝකය සහ ජීවීන්ගේ ආරම්භය ගැන...

අපි මුලින්ම මීට අවශ්‍ය පදනම හදාගෙන ඉමු.

අපි දන්නවා දරුවෙක් බිහි වෙන්නේ පුර්ෂ ශිෂ්නයකින් නිකුත් වෙන ශුක්‍රාණු ස්ත්‍රී ඩිම්බයක් සමග එකතු වෙලා ගර්භාෂය තුල කලලයක් හැදිලා මාස 10 කින් ළදරුවෙක් විදියට ගර්භාෂයෙන් එලියට එමෙන්.

අපි මේක හොඳින් ඔලුවේ තියාගමු.

දරුවෙක් බිහි වෙන්න පුර්ශයගෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රානු ලබා දීම විතරයි. ඉතුරු සියල්ල සිද්ධ වෙන්නේ ගැහැනියගේ ගර්භාෂය තුලයි. අවසානයේ ගර්භාෂයෙන් එලියට එන දරුවා තනියම වැඩිලා මැරිලා යනවා.
දැන් මෙතැනදී එක් එක් අයගේ සහබාගීවීම බලමු.

පුර්ෂයා - ශුක්‍රාණු ලබා දීම පමණි

ස්ත්‍රිය - ඩිම්බය ලබාදීම, ගර්භාෂය තුල කළලය ඇති වීමට ඉඩ දීම, එය පෝෂණය කිරීම, දරුවා මෙලොවට බිහි කිරීම

දරුවා - ඉපදීමේ සිට මිය යාම තෙන් ජීවත් වීම

පුර්ෂයාගෙන් නිකුත් වෙන මිලියන ගණනක් වූ ශුක්‍රාණු වලින් එකක් පමණක් දරුවෙකු වීමට අවස්තාව ලබාගන්නවා. ඒ කොහොමද?

ශුක්‍රාණු ව ස්ත්‍රියගේ බිත්ති තුල ඇලීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එය දරුවෙකු පිළිසිඳ ගැනීමට අවස්තාවක් වෙන්නේ නෑ. එහෙනම් දරුවෙකු බිහි වීමේ පළමු අවස්තාව ශුක්‍රාණු වක් ස්ත්‍රියගේ බිත්තිය තුල ඇලීම.

එම ඇලෙන ශුක්‍රාණුව ස්ත්‍රියගේ ඩිම්බයක් සමග ඇලෙන්නේ නැත්නම් එතන ශුක්රානුව ස්ත්‍රියගේ බිත්තිය තුල ඇලුනත් පලක් වෙන්නේ නෑ. එසේ නම් ශුක්‍රානු ව බිත්තිය තුල ඇලීම මෙන්ම ඩිම්බය සමග ඇලීමද සිද්ධ විය යුතුයි පිළිසිඳ ගැනීමකට.

ස්ත්‍රියගේ බිත්තිය තුල ශුක්‍රානුව ඇලීමත් සමග පිරිමියාගේ කාර්ය භාරය එතනින් ඉවර වෙනවා. දැන් සියල්ල සිද්ධ වෙන්නේ ස්ත්‍රිය ගේ ගර්භාෂය තුලයි.

එකතු වී ශුක්‍රානු ව සහ ඩිම්බය වැඩීම. එක සෛලයකින් පටන් ගෙන එය වර්ධනය වී කළලය සැදීම. ඇස, හදවත ලෙස ටිකෙන් ටික ශරීරයත් ශරීරයේ ඉන්ද්‍රිය සැකසීමත් සිද්ධ වෙනවා.

මාස 10ක් ඇතුලත ගර්භාෂය කියන ලෝකය තුල දරුවෙක් වැඩෙනවා. මස 10කින් ඒ දරුවා පෘථිවිය කියන ලෝකයට බිහි වෙනවා. දැන් ස්ත්‍රියට කරන්න දෙයක් නෑ දරුවා සම්බන්ධයෙන්. ඇයගේ කාර්ය භාර්යයත් එතනින් ඉවරයි. (සංකෘතික කරුණු මෙතැනදී අදාල වන්නේ නැත)

මෙතන සිට දරුවා තනියම ජීවත් වේ. මිය යන තෙක්.

මෙතනින් අපි වෙනම කතාවක් බලමු.

අග්ගඥ සුත්‍රයට අනුව පෘථිවියේ ජීවය බිහි වීම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි සිත මිස කය නොමැති ආලෝකය මෙන් වූ සියුම් ශරීර සහිත ජීවින්ගෙන් සිදු වී ඇත.

හින්දු දර්ශනයට අනුව පරමාත්මා නම් අනන්තය තුලින් පැමිණි ආත්ම මගින් ජීවය ආරම්භ වී ඇත.
නමුත් මෙහි තේරුම් ගත යුතු පරස්පරයන් වේ.

එය තේරුම් අරගෙන ඉදිරියට යමු.

බුදු දහමේ පවසන ජීවය ආරම්භය මේ පෘථිවිය ආරම්භ වීම සමග මෙම යුගයේ ජීවයේ විකාෂණයයි. එනම් පෙර ලෝක විනාසය සිදු වන විට තම තමන්ගේ කුසල් අකුසල් අනුව තිරිසන් ප්‍රේත දේව බ්‍රහ්ම වැනි ලෝක වලට චුත වූ ජීවින් නැවත පෘථිවියේ හට ගැනීමයි. එනම් ජීවින් මේ පෘථිවියේ ඇරඹුණේ කෙසේද යන්නක් මිසක මේ විශ්වාසයේ පළමු ජීවියා ඉපදුනු අයුරු නොවේ. බුදුරදුන් විසින් පැවසුවේ නිර්වාණයට අවශ්‍ය දේ පමණි.

නමුත් හින්දු දර්ශනය යනු මේ විශ්වයේ සියලුම දේ පිළිබඳව සඳහන් කරන දර්ශනයකි. එහි ද අවසාන අරමුණ මෝක්ෂය වන අතර එය නිර්වාණය හා සමාන පදයකි.

නමුත් හින්දු දර්ශනය මෝක්ෂය තවත් එක් කොටසක් ලෙස සලකන අතර බුද්ධ දර්ශනය නිර්වාණය යනු එකම අරමුණ ලෙස සලකයි.

එබැවින් මෙම දර්ශන දෙකෙහි වෙනස් කම් තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වේ.

හින්දුන්ට අනුව මේ විශ්වයේ ජීවය බිහි වීම සිදු වන්නේ පරමාත්මා නමැති අනන්තයෙන් ආත්ම නිකුත් වී ඒවා පෘථිවිය නමැති ප්‍රක්රුති හි හිර වීමෙනි. එය කෙදිනක හෝ මෝක්ෂය ලබන්නේ මෙම සංසාරය තුලින් නිදහස් වූ දාටය.

හින්දුන් විසින් මෝක්ෂය ලබන්නේ මෙලෙස යයි විශේෂ කර කිසිදු ඉගැන්වීමක් සිදු නොකර අතර එය සියලුම ක්ෂේත්‍ර පිළිබඳව ඉගැන්වීම සිදු කරයි. ඒ අතර තාරකා විද්‍යාව, ජ්‍යෝතිෂය, වාස්තු විද්‍යාව, ආයුර්වේදය, යෝග වැනි සියලු පති වලට විහිදුනු එක් විශාල වෘක්ෂයක් වැනිය. මෙහි මෝක්ෂය යනු එක් අත්තක් පමණි. එය ආධ්‍යාත්මික අත්ත වෙද්දී එය වට කරගෙන ඇත්තේ ලෞකික / භෞතික අතු මගිනි. එම නිසා ලෞකිකත්වය, භෞතිකත්වය තුල අතරමන් වන මිනිසා මෝක්ෂය නමැති ආධ්‍යාත්මික අත්ත පිළිබඳව උනන්දු වන්නේ නැත.
නමුත් බුදු දහම යනු නිරවනය ඉල්ලක්ක කරගත් එකම එක අත්තක් ඇති ගසක් වැනිය. එහි ලෞකික අතු නැති බැවින් බෞද්ධ සියලුම දෙනාගේ එකම අරමුණ නිවන් දැකීමයි.

අපගේ ජීවය පිලිබඳ කතිකාවතට මේ සියලු කරුණු අත්‍යවශ්‍ය වේ.

මෙහාන සිට අප කරුණු එකිනෙක ගලපමින් ඉදිරියට යමු.

ඒ සඳහා මුලින්ම ජීවය ආරම්භය ගැන ඇති අදහස් අප පෙලගස්සවා ගමු.

බෞද්ධ - ආභස්සර බ්‍රහ්ම ලොවෙන් එන සිත මිස කය නොමැති ආලෝකය වැනි සියුම් ශරීර හිමි ජීවින් පෘථිවියට පැමිණ එහි අහි රස පොලවට ආශාවක් හට ගැනීම නිසා සියුම් ශරීරය අහිමි වී මේ ලෝකයේ සිර වෙනවා.

හින්දු - පරමාත්මා ගෙන් එන ආත්ම මේ සංසාරයේ ආශාව නිසා හිර වෙනවා.

දැන් අදහස් දෙක අපි වෙනත් අපේ එදිනෙදා ජීවිතයේ කරුණක් එක්ක ගලපමු.


අපි මීට පෙර කතා කරපු ආලෝකය ගැනලිපිය මගින් කිව්වා වගේ හිරු එලිය අවර්ණයි. නමුත් ඒ අවර්ණ හිරු එලිය ඇත්තටම සියලුම ආලෝක වර්ණ වල එකතුවක්.

අවර්ණ හිරු එලිය යම් පෘෂ්ඨයක ගැටීමෙන් ඒ පෘෂ්ඨය ඒ සියලු ආලෝකය පරාවර්තනය කරනවා නම් අපිට ඒ කඩදාසිය පෙන්නේ සුදු පාටින්. මොකද සුදු වර්ණය කියන්නේ කිසිදු ආලෝකයක් උරාගන්නේ නැතුව සියලු ආලෝකය පරාවර්තනය කිරීමයි. ඒ පරාවර්තනය වන ආලෝකය අපේ ඇසින් සුදු ලෙස අඳුනගන්නවා.
මේ ගැන සම්පූර්ණ ලිපිය තියෙන නිසා කෙටියෙන් මේ ගැන කතා කරමු.

ඒ සුදු කඩදාසියේ අපි නිල පාටින් ඉරක් ඇන්දොත් අපි එතැනදී කරන්නේ සුදු කඩදාසියේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කිරීමක්. දැන් ඒ නිල ඉර ඇඳපු තැන සියලුම ආලෝකය පරාවර්තනය කරන්නේ නෑ. දැන් ඒ ඉරෙන් යම් ආලෝකයක් උරාගන්නවා. ඒ ඉර අපිට නිල පැහැයෙන් පෙන්න නම් ඒ ඉර රතු සහ කොළ කියන ආලෝකයන් උරාගෙන නිල පැහැය විතරක් පරාවර්තනය කරනව. අපේ ඇසින් ඒ නිල ආලෝකය දකින නිසා ඒ ඉර නිල පැහැය බව අපි දැනගන්නවා.

එතකොට ඉර අඳින්න කලින්ම නිල් පාට ඉරක් අඳිමු කියල කිව්වේ කොහොමද?

මොකද මේ ලෝකයේ තියෙන නිල පැහැති සියලුම දේ අපිට නිල පැහැයෙන් පෙනෙන්නේ ඒ වස්තුව සුදු එළියෙන් රතු සහ කොළ වර්ණය උරාගෙන නිල ආලෝකය පමණක් පරාවර්තනය කරන නිසා.

එය පාට කූරක ඉඳන් ඇඳුමක් වාහනයක් වගේ සියලු දේට පොදු සාධකයක්.

සුදු කඩදාසියේ පෘෂ්ඨයේ ස්වභාවය සියලු ආලෝකය පරාවර්තනය කිරීම.

නිල ඉරක් ඇඳීමෙන් සිද්ධ වෙන්නේ ඒ ස්වභාවය වෙනස් කිරීම.

මේ බව තේරුම් ගන්න පුළුවන් නම් පමණක් ඉතිරි කොටසට යමු.

දැන් අපි අපේ සියළු කරුණු එකිනෙක ගලපමු.

මෙහි පොදු කරුණ නම් ශුක්‍රාණු වත්, සියුම් ශරීරයත්, හිරු එළියත් පලයක් ඇති කරන්නේ එය යමක ඇලීමෙන් පමණි. ඇලීමක් සිදු වන්නේ නැත්නම් එය කිසිදු පලයක් ඇති නොකරයි.

ශුක්‍රාණු ව ස්ත්‍රියගේ බිත්තියේ ඇලීමක් සිදු නොවේ නම් පිළිසිඳ ගැනීමක් සිදු නොවේ.

සියුම් ශරීර රස පොලවේ ඇලීමක් සිදු නොවේ නම් ඝන ශරීර ඇති නොවේ.

හිරු එලිය පෘෂ්ඨයක ඇලීමක් (උරාගනීමක්) සිදු නොවේ නම් වර්ණයක් ඇති නොවේ.

ජීවීන්ගේ බිහි වීමේ ලිපි මාලාවේ පළමු ලිපිය මින් අවසන් වේ.

ශුක්‍රාණු පිට කිරීමෙන් පසු පිරිමියාගේ කාර්ය අවසන් වී ඉතුරු කාර්ය ගැහැණි විසින් සිදු කර්නාක් මෙන්, රස පොලවේ ඇලීමෙන් පසු ඉතුරු කාර්ය පෘථිවිය තුල සිද්ධ වනාවක් මෙන්, හිරු එලිය පෘෂ්ඨයක ඇලීමෙන් පසු ඉතුරු කාර්ය එම අදාල ස්ථානය මගින් සිදු කෙරේ.

එය අප ඉදිරියේදී කතා කරමු.

Saturday, May 2, 2020

ඩාවින් ගේ පරිනාමවාදය සහ දස අවතාර...


විද්‍යාව වගේම දර්ශනයත් ජීවීන්ගේ ආරම්භය පැවැත්ම යන කරුණු ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් විද්‍යාවේ අද වැඩි සැලකිල්ලට ලක් වෙන ඩාවින් ගේ පරිනාමවාදය සහ හින්දු දර්ශනයේ දස අවතාර අතර ලොකු සමානකම් තියෙනවා.

දස අවතාර කියන්නේ විෂ්ණු පෘථිවියේ ඉපදුනු ස්වභාව කියන එකයි.

මෙතනදීම අපි වැරදි මතයක් දුරු කරගෙන යමු විෂ්ණු ශිව බ්‍රහ්ම කියන්නේ අහසේ ඉන්න දෙයියෝ ඒ දෙයියෝ වැන්දම අපිට හැමදේම ලැබෙනවා කියන මෝඩ බොළඳ මතය.

බ්‍රහ්ම කියන්නේ ඉපදීම නැත්නම් ඇතිවීම, විෂ්ණු කියන්නේ පැවතීම, ශිව කියන්නේ නැති වීම නැත්නම් විනාශය.

ඉතින් මෙතන විෂ්ණුගේ පෘථිවියේ ඉපදුනු ස්වභාව කියන්නේ විෂ්ණු දෙයියෝ පෘථිවියේ ඉපදුනා කියන එක නෙමෙයි. විෂ්ණු කියන්නේ පැවැත්මට. පෘථිවියේ පැවැත්ම සඳහා විකාශනය වුනු ප්‍රධාන අවස්ථා 10 ටයි දස අවතාර කියන්නේ. සරලව කිව්වොත් පෘථිවියේ ආරම්භයේ (බ්‍රහ්ම) ඉඳන් විනාශය (ශිව) වෙනකන් කාලය තුල පැවැත්ම (විෂ්ණු).

නැවත පැවසුවොත් විෂ්ණු යනු ඉපිද ඉපිද නැවත මිය යමින් නැවත ඉපදෙන ජීවියෙක් නොවේ. මෙය හොඳින් අවබෝධ නොකර ගැනීමෙන් නිවැරිදි අදහස තේරුම් ගැනීමට නොහැකි වනවා සේම වෙනත් අදහසක් ඉස්මතු වීමටද ඉඩ තිබෙනවා.

දස අවතාර කියන්නේ 10 විදියක් කියන එක තේරුම් ගන්න පුළුවන් නිසා කෙලින්ම කතාව එමු.
(මෙතැන් ඉඳන් අවතාරය කියන්නේ ස්වභාය කියන අර්ථයෙන් බව සලකන්න)






Thursday, April 30, 2020

මුකුත් නෑ කියන්නේ ඔක්කොම තියෙනවා...

අපි හැමෝම දන්නවනේ මේ විශ්වයේ තියෙන්නේ මූලික වර්ණ 3යි. නිල්, රතු සහ කොළ. මේ වර්ණ තුන එකතු වෙලා තමයි මේ ලෝකේ තියෙන අනිත් හැම වර්නයක්ම හැදෙන්නේ. මේ කතා කරන්නේ ආලෝකය ගැන. පටලව ගන්න එපා. මොකද කොලේක පාට කූරක් ගෑවම මේ දේ තේරෙන්නේ නෑ, ආලෝකය මගිනුයි මේ දේ තේරුම් ගන්න ඕනේ.
හිරු එලිය අවර්නයයි. නෑ. ඇත්තටම හිරු එලිය සුදු පාටයි. ඔබ දැන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් ඇස් අයින් කරලා ඔබේ අත දිහා බැලුවොත්, ඔබේ ඇස සහ අත අතර තියෙන හිස් අවකාශයේ මුකුත් නෑ වගේ පෙනුනට ඇත්තටම එතන හිරු එලිය තියෙනවා. (පොස්ට් එක දාන්නේ දවල්) ඒත් ඒ හිරු එලියට ගැටිලා පරාවර්තනය වෙන්න පෘෂ්ඨයක් නැති නිසා අපිට හිරු එලිය තියේද පේන්නේ නෑ. නමුත් ඇත්තම කතාව ඒ අතරේ සුදු පාට හිරු එලිය තියෙයි.
දැන් අපි කලින් කිව්වා නේද මේ ලෝකේ තියෙන්නේ පාට තුනයි කියලා. එතකොට සුදු පාට හැදෙන්නේ කොහොමද?
සුදු පාට හැදෙන්නේ ඒ මුලික වර්ණ තුන එකට එකතු වෙලා. නිල, රතු, කොළ පාට තුන එකට එකතු වුනාම හැදෙන්නේ සුදු ආලෝකය.
ඒ වගේ නිල සහ කොළ එකතු වෙලා කහ, රතු සහ නිල එකතු වෙලා දම් (මැජෙන්ටා), කොළ සහ රතු එකතු වෙලා ලා නිල (සයැන්) වර්ණ හැදෙනවා. ඒවා ද්විතීක වර්ණ. ඊට පස්සේ මුලික වර්ණ සහ ද්විතීක වර්ණ එකතු වෙලා ආයෙත් වර්ණ හැදෙනවා. රතු කහ එකතු වෙලා තැඹිලි, ඔය විදියට අනන්ත සංඛ්‍යාවක් හැදෙනවා මේ මුලික වර්ණ තුනේ විවිද සංයෝජන හේතුවෙන්.
ඒ කියන්නේ අපිට අවර්නයි කියල පේන ඔබේ අතයි ඇසයි අතරේ තියෙන මේ හිරු එලිය තුල මේ සියලුම වර්ණ තියෙනවා. එය කොහේ හෝ පෘෂ්ටයක ගැටීමෙනුයි ඒ ඇතුලේ තියෙන සංයෝජකයක් එලියට එන්නේ.
ඒ කියන්නේ නිකන්ම නිකන් මුකුත්ම නැති අවර්ණ හිරු එලිය මේ ලෝකේ තියෙන අනන්තවත් වූ වර්ණ සියල්ලම හදනවා.
දැන් අපි එමු වෙනම කතාවකට.
අපි දැන් ආලෝකය ගැන දන්නවනේ. දැන් බලමු වර්ණ ගැන. (අපි පාවිච්චි කරන පාට කූරු වගේ වර්ණ)
ඔන්න සුදු පාට කොලයක් තියෙනවා. මේකට හිරු එලිය වැටුනට කිසිම වෙනසක් නෑ. අපිට සුදු පාට කියල පෙන්නේ ඒ ආලෝකය නිසානේ.
කතාව ටිකක් වෙනස් වෙන්නේ මෙන්න මෙතනින්.
මේ සුදු පාට කොලේ සුදු පාට විදියට අපිට පෙන්නේ මේ කොළයෙන් කිසිම ආලෝකයක් නවත්තන්නේ, අලවන්නේ, උරාගන්නේ නැතුව එන ආලෝකය එහෙමම අනිත් පැත්තට පරාවර්තනය කරන නිසයි.
මේ සුදු පාට කඩදාසියේ අපි නිල් පාට චෝක් කෑල්ලකින් ඉරක් ඇන්දා කියල හිතමු,
දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් කොළ සහ රතු ආලෝක අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ නිල ආලෝකය විතරයි. දැන්අ පිට ඒ ඉර පෙන්නේ නිල් පාටට.

ගැටළුවක් එන්න පුළුවන් නිල් කියන පාටින් ඉරක් ඇන්දේ කොහොමද එහෙනම් කියල.

ඇත්තටම නිල් ඉරක් අඳිනවා කියන එකෙන්වෙ න්නේ අපි අර සුදු කඩදාසියේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන එක විතරයි.

සුදු කඩදාසියෙන් කිසිම වර්ණයක්උ රාගත්තේ නෑ. අපි කරේ කොළ සහ රතු ආලෝකය උරාගන්නා විදියට කඩදාසියේ මතුපිට ස්වභාවය වෙනස් කරපු එකයි.
දැන් වෙන්නේ රතු සහ කොළ ආලෝකය ඒ ඉර විසින් උරාගන්නවා. පිටට දෙන්නේ නිල විතරයි. ඒ නිසා අපිට නිල ඉරක් පේනවා.
මේ විදියට අපි බලමු රතු ඉරි සහ කොළ ඉරි ඇන්දොත් මොකද වෙන්නේ කියල.
මතක තියාගන්න සිද්ද වෙන්නේ සුදු කඩදාසියේ මතුපිට ස්වභාවය වෙන කිරීමක් පමණයි.
කොළ ඉරක් ඇන්දොත්...
දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් නිල් සහ රතු ආලෝක අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ කොළ ආලෝකය විතරයි. දැන් අපිට ඒ ඉර පෙන්නේ කොළ පාටට.
රතු ඉරක් ඇන්දොත්...
දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් කොළ සහ නිල් ආලෝක අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ රතු ආලෝකය විතරයි. දැන් අපිට ඒ ඉර පෙන්නේ රතු පාටට.
එතකොට කහ පාට ඉරක් ඇන්දොත්?
දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් නිල් ආලෝකය අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ කොළ සහ රතු ආලෝක විතරයි. දැන් අපිට ඒ ඉර පෙන්නේ කහ පාටට පාටට. මොකද රතු සහ කොළ ආලෝකය එකතු වුනාම හැදෙන්නේ කහ.
මේ විදියට සියලුම ද්විතීක වර්ණ හැදෙනවා.
ත්රිතීක වර්ණ...      තැඹිලි පාට හැදෙන්නේ?
දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් නිල් ආලෝකය අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ කොළ සහ රතු ආලෝක විතරයි.
මෙතන ටිකක් සංකීර්ණයි.
කොළ සහ රතු ආලෝක පරාවර්තනය කරනවා වගේම රතු තනියමත්, නැවත රතු සහ කොළ එකතු වී කහ ත් විදියට ත් නැවත ඒ දෙක එකතු වේ තැඹිලි විදියටත් හැදෙනවා.
කොයිතරම් සංකීර්ණ ක්රියාවලියක්ද කියල ඔබට වැටහෙනවා ඇති මේ ක්‍රියාවලිය.
මෙතැනදී සුදු ආලෝකය ඇතුලේ සියලුම වර්ණ තියෙන බව ඔබට වැටහෙනවා ඇති.
ඒ සුදු ආලෝකය සැදී ඇත්තේ කොළ, රතු සහ නිල යන ආලෝක වර්ණ වලින් බවත්, ඒ මූලික වර්ණ තුන එකතු වී ද්විතීක වර්ණ සෑදෙන බවත්, එම ද්විතීක වර්ණ මූලික වර්ණ සහ ද්විතීක වර්ණ සමග එකතු වී ත්රිතීක වර්ණ සෑදෙන බවත්, මෙම මූලික, ද්විතීක සහ ත්රිතීක වර්ණ එකතු වී අනන්තයක් වූ වර්ණ සෑදෙන බවත් ඔබට වැටහෙනවා ඇති.
නමුත් වැදගත් වන්නේ මෙයයි.
මේ සියලුම අනන්තයක් වූ වර්ණ ඇත්තේ කිසිම වර්ණයක් නොමැති සුදු ආලෝකය තුලයි.
එනම් කිසිවක් නැති සුදු ආලෝකය යනු සියල්ලයි.

Wednesday, April 29, 2020

ඕම් ගැන ඕිං අහගන්න...

ඕම් ශබ්දය ගැන විවිධ මත අදහස් තියෙනවා. හරියට හින්දු ධර්මය ගැන විවිධ අදහස් මත තියෙනවා වගේ. මේක හරි මේක වැරදියි කියන්න බැරි තරම් ඒ මත සහ අදහස් අපේ හිත ඇතුලේ තැන්පත් වෙලා තියෙනවා.

අපි සමහර දේවල් ඉගෙන ගද්දි කලින් අපි ඉගෙන ගනිපු වැරදි දේවල් unlearn කරන්න වෙනවා. ඉතින් හිතල බලල තීරණය කරන්න.

ඕම් ගැන තියෙන මත වලින් මේක විශ්වයෙන් නැගෙන ශබ්ධය, විශ්වය නිර්මාණය වෙද්දී නැගුනු ශබ්ධය කියන අදහස් දෙක ඉස්සරහින් ඉන්නවා. මේ කතාව එක අතකට හරි. ඒත් අපි අල්ලගන්නේ හැමතිස්සෙම වැරදි තැනින්. ඒ නිසා අපිට එන්නේ වැරදි අදහසක්.

මේක මෙහෙම තේරුම් ගමු.

අපි හැමෝම කතා කරද්දී, පෙනහළු වල ඉඳන් එන හුලන් පාරක්, ස්වාරනාලය තුලින් ඇවිත්, එතන ඉඳන් තොල් වෙනකන් තියෙන හැම මාංශ පේශියකම වැදිලා, ගැටිලා ඒ එන හුලන් පාර නවත්තලා, ත්‍රීව කරලා නැත්නම් අඩු කරලා තමයි අවසානයේ අපේ කටින් ශබ්ධයක් බිහි වෙන්නේ.

අපේ පාවිච්චි කරන ශබ්ද මුලික 60 හැදෙන්නේ අර හුලන් පාර 60 විදියකට කට ඇතුලෙන් වෙනස් කරලා.

තාලුජ, දන්තජ වගේ නම් අහල ඇති. දත් වලින් ඒ ශබ්දය හැඩ කරන ඒවා දන්තජ. තල්ලෙන් තාලුජ. ඔහොම ඔහොම ක්‍රම ගොඩක් තියෙයි.

ඉතින් මේ ශබ්ද 60 ආයෙත් එකිනෙක එක්ක එකතු වෙලා තව ශබ්ද හැදෙනවා. මුලික ශබ්ද 60 කියන්නේ සිංහල හෝඩියේ අකුරු 60.
ස්වර සහ ව්‍යංජන.

ආයෙත් ස්වර සහ ව්‍යංජන එකතු වෙලා ශබ්ද හැදෙනවා. ඔ කියන ස්වරයයි ක් කියන ව්‍යන්ජනයයි එකතු වෙලා "කො" කියන ශබ්දය හැදෙනවා. එතකොට මේකේ කෙළවරක් නැතුව ඕනේ තරම් ශබ්ද හැදෙන බව තේරෙනවනේ.

හැබැයි මේ ඔක්කොම පටන් ගත්තේ එන නිකන්ම නිකන් හුලන් පාරකින්. එකේ කිසි සද්දයක් නෑ. සද්දේ හැදුනේ එක එක තැන වල ගැටීමෙන්.

ඉතින් මෙන්න මේක තේරෙනවා නම් ඕම් තේරුම් ගන්න අමාරු නෑ.

අපි දැන් "ඕම්" කිව්වට ඇත්තටම මේක "ඕම්" කියල නෙමෙයි ශබ්ද වෙන්නේ. ඒක දිග කතාවක්. සරලව මෙහෙම ගමු. අපි සිංහලෙන් ඕම් කියල ලියද්දි ඕ අකුරයි ම් අකුරයි ලියනවා. සංස්කෘතෙන් නුත් එහෙමම අකුරු දෙකෙන් ලියන්න පුළුවන්. එහෙනම් ඇයි "ඕම්" කියන ශබ්දයට වෙනම අකුරක් දෙන්නේ සංස්කෘතෙන්? මේක තේරෙනවා නම් ඕම් තේරෙනවා. අපි මේ උච්චාරණය කරන ඕ සහ ම් වැරදියි. ඒ නිසා අපිට ඇත්තම ඕම් තේරෙන්නෙත් නෑ.

උච්චාරණය මේකයි කියල ලියල පෙන්නන්න බෑ. හැබැයි තේරුම් ගන්න මෙහෙම කියන්න පුළුවන්. ඕම් කියන්නේ පෙනහල්ලෙන් එන හුලන් පාර ස්වරනාලයේ ගැටිලා නැගෙන ශබ්දය. ඒක ආයෙත් වෙන කොහෙවත් ගැටෙන්නේ නෑ තොල් වෙනකන් තියෙන කිසිම පේශියක. අන්න ඒ ශබ්දයයි ඕම්. හැබැයි අපි දැන් මේ කියන ඕ ම් නම් එහෙම වෙන්නේ නෑ. ම් කියද්දී ම තොල් දෙක වැහෙනවා. ඒකයි කිව්වේ ඕම් කියන උච්චාරණය වැරදියි කියලා.

ඉතින් ඕම් සහ විශ්වය අතර තියෙන සම්බන්ධෙ ගැන වෙනම කතා කරමු. මේ ලිපිය හිතුවට වඩා දිග වුනු නිසා.

Saturday, November 23, 2019

සඳ | වලාකුළු | අපි...


බොහොම මෑත දවසක අවුරුදු ගණනකට වතාවක් පෙනෙන තැඹිලි පැහැති සඳක් දකින්න ලංකාවේ අපිට අවස්තාව උදා වුනා.  හවස 6.50 ට විතර හැමෝම එලියට බැහැලා තමිබිලි හඳ බලන්න බලාපොරොත්තුවෙන් හිටියා.

ඒත් සිද්ධ වුනේ කවුරුවත් හිතුවේ නැති දෙයක්. වැහි වලාකුළු වලින් මුළු අහසම පිරිලා කාටවත් ඒ අවස්ථාවේ තැඹිලි සඳ සකින්න වුනේ නෑ.

සඳ කෙසේ වෙතත් සඳ එලියවත් දකින්න වුනේ නෑ.

ඉතින් හිතන්න සඳ ත් සඳ එළියත් වහගන්න තරම් හැකියාවක් වැහි වලාකුළු වලට තියෙනවා.

මිනිස්සුන්ගේ ප්‍රඥාව ත් මෙන්න මේ හඳ වගේ. හැමෝටම තියෙනවා ප්‍රඥාව. නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද.

මොකද මිනිස්සුන්ගේ ප්‍රඥාව නමැති හඳ භාහිර ලෝකය කියන වැහි වලාකුළුවලින් හැංගිලා තියෙන්නේ. එහෙමත් නැත්නම් වැහිලා තියෙන්නේ.

ඉතින් මිනිස්සුන්ට ඒ හඳ පේන්නෙත් නෑ. නමුත් ඒකෙන් කියවෙන්නේ හඳක් නෑ කියන ඒක නෙමෙයි. හඳ තියෙනවා, ඒත් පෙන්නේ නෑ වැහි වලාකුළු නිසා.

ඔබත් මේ භාහිර ලෝකයේ අනන්තයක් වූ දේවල් ගැන හිත හිත වදවේවි ඉන්න තාක් කල් ඔබට ඔබේ ප්‍රඥාව දැකගන්න ලැබෙන්නේ නෑ.

ඒ නිසයි ප්‍රඥාව පහල වෙනවා කියල කියන්නේ. ප්‍රඥාව කියන්නේ අමුතුවෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් වත්, ඉගෙන ගෙන උපාධියක් වගේ ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අපි හැමෝටම තියෙන ප්‍රඥාව අපම විසින් වහගෙනයි ඉන්නේ. ඒත් දවසක අපිම  ඒ වැහිලා තියෙන ප්‍රඥාව වලාකුළු අයින් වුණාම දකින සඳ වගේ දකිනවා. අන්න ඒ නිසයි ප්‍රඥාව පහල වෙනවා කියන්නේ.

ඒත් ප්‍රඥාව පහල වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා භාහිර ලෝකයේ කෙළවරක් නැති අනන්තයක් වූ අනවශ්‍ය දේවල් වලින් මනස ඉවත් කරගෙන තමන් ගැන හිතන්න.

ඔබ වෙහෙසෙන්නේ දේශපාලනය ගැන නම්, අපේක්ෂකයින් ගේ වැරදි, හොඳ දකින්න නම්, තමන්ට කිසි සෙත් අදාල නැති දේවල් ගැනනම්, තමන්ට කිසිම දෙයක් කරන්න බැරි දේවල් ගැන නම්, ඔබ මේ භාහිර සමාජයේ තියෙන තමන්ට අනවශ්‍ය දේවල් ගැන වදවෙන කෙනෙක්. ඔබට ප්‍රඥාව තව බොහෝ දුරයි.

මොකද ඔබ හොයන්න ඕනේ ඔබ ගැන මිසක්, අනුන් ගැන නෙමෙයි. මුලින් තමන් ගැන හොයන්න, ප්‍රඥාව පහල වුනු ගමන් ඔබට අනුන්ව නිකන්ම තේරෙන්න පටන් ගන්නවා. එතකන් ඔබ අනුන් ගැන සොයන හැම මොහොතක්ම ඔබ කරන්නේ ඔප දුප හෙවීමම විතරයි.

හිස් වචන කතා කරන ඒක විතරයි.

ඔබගේ ප්‍රඥාව නමැති සඳ දැනටමත් තියෙන දෙයක්. ඒත් භාහිර ලෝකය කියන වැහි වලාකුලෙන් ඒ හඳ වැහිලා තියෙන්නේ. ඒ හඳ එලියට අරන් බලන ඒක ඔබට මිසක් වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ හඳ වැහි වලාකුලෙන් එලියට අරන් ඒ හඳ එළියෙන් නැහැවේවායි ප්‍රාර්ථනා කරමි..!

Friday, November 22, 2019

පෙරලෙන ගලේ පාසි නොබැඳේ... ඒත් ඇයි..?


මේ තවත් කියමනක් අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ඉගෙනගත්තු. ඒත් මොකක්ද හේතුව?

මේ ගැන අපි හැමෝම දන්නවා. ගලක් ඒක තැන තිබ්බොත් තමයි පාසි බැඳෙන්නේ. හැබැයි ගලක් ඒක තැන තියෙන්නේ නැතුව පෙරලි පෙරලි වතුර දිගේ ගහගෙන යනවා නම්, ඒ ගල පාසි බැඳෙන්නේ නැතුව තියෙනවා.
හැබැයි අවශ්‍යතාවය පාසි බැඳීම නම්..?

මේකයි කතාව.

ගලක් ගඟක් දිගේ පෙරලි පෙරලි යද්දී ඒක එක  තැනක රැඳෙන්නේ නැතුව තියෙද්දී ඒ ගල කිසිම පාසියක් බැඳෙන්නේ නැතුව තියෙනවනේ.

අපේ ජීවිතත් ඒ වගේම නේද. අපි ඒක දෙයක් ගැන නෙමෙයි හිත තියාගෙන ඉන්නේ. අපි හිතන්නේ ඒක දෙයක් ගැන නෙමෙයි. අපි හැමදේම ගැන හිතනවා, හැමදේම කරනවා. අන්තිමට අපිට එකක්වත් බෑ.

හැබැයි ගල එක තැනක රැඳුනොත්, එතන ඉඳන් ගල මතුපිට පාසි බැඳෙන්න පටන් ගන්නවා. මොකද දැන් ගල කොහෙවත් ගැටෙන්නේ නෑ. ඒක තැනක නිශ්චලව රැඳිලා තියෙන නිසා.

අපිත් ඒක දෙයක් ගැන විතරක් උනන්දු වුනොත්, ඒක දෙයක් ගැන විතරක් හිතුවොත්, අපිට ඒ දේ ගැන හෝදන අවබෝධයක් එනවා නේද? මොකද අපි අපේ මනස එකතු කරන්නේ ඒක දෙයක් කෙරෙහි විතරයි. 

හැමදේම එක්ක ගැටෙන්නේ නෑ.

ඉතින් ඔබට තේරෙනවද අපේ හිතත් නිකන් පෙරලෙන ගලක් වගේ කියලා. ඒක වෙලාවක මෙතන, ඊට පස්සේ මොහොතේ තවත් තැනක, ආයෙත් වෙනත් තැනක. මේ හිත එක තැනක තියන්න කොච්චර අමාරුද? ඉතින් හිතට එක එක දේවල් එනවා යනවා. හැබැයි එකක් වත් රැඳෙන්නේ නෑ හිතේ. ඉතින් හිත වැඩි දේවල් එක්ක ගැටෙන්න ගැටෙන්න, හිත  එක තැනකින් තවත් තැනකට, එතනින් තවත් තැනකට මාරු වේවි ඉන්නවා.

ඒත් අපි එකම දෙයක් ගැන දිගටම හිතුවොත්?

අන්න ඒ දේ ගැන විතරක් හිතද්දී අපිට හොඳ අවබෝධයක් එනවා ඒ දේ ගැන.

ඉතින් අපි හිතුවට පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැති ඒක හොඳ දෙයක්, ඒ නිසා ගලක් පෙරලි පෙරලි තියෙන ඒක හොඳයි කියලා, ඇත්තටම සිද්ද වෙන්න ඕනේ ගලේ පාසි බැඳෙන එක නම් මොකද වෙන්නේ?

අපි මෙච්චර කල් හිතාගෙන හිටපු විදිය වැරදියි නේද එහෙනම්?

ආධ්‍යාත්මික ලෝකයේදී ඇත්තටම සිද්ද වෙන්න ඕනේ ගල මතු පිට පාසි බැඳෙන එකයි. පාසි නොබැඳි තියෙන තාක් කල් මේ මහා  භයානක සංසාරේ දුක් වින්ද වින්ද ඉන්න පුළුවන්.

ඔබේ හිතත් එක එක තැන් වල ගැටී ගැටී ඒ මේ පැත්තට පෙරලෙන ගලක් ද නැත්නම් එක තැන තියෙන ගලක්ද කියල ඔබ දන්නවා. එහෙනම් පාසි බැඳෙයි ද නැත්නම් බොහොම පිරිසිදුව තියෙනවද ඔබ දන්නවා.
මතක තියාගන්න ලෝක දෙකක් තියෙයි ලෞකික සහ අධ්‍යාත්මික කියල. මේ ලෝක දෙක සම්පූර්නෙන්ම අන්ත දෙකක තියෙන ලෝක දෙකක්.

එකක හරි දේ අනිත් එකේ වැරදියි. එකක වැරදි දේ අනිත් එකේ හරි.

ලෞකික ලෝකයේ ගල මතු පිට පාසි නොබැඳි තියෙන තාක් කල්, පිරිසිදුව තියෙන තාක් කල් හොඳයි කිව්වට, අධ්‍යාත්මික ලෝකයේ ගල මතුපිට පාසි බැඳෙන එකයි හොඳ.

අපි කොච්චර රැවටිලාද..?