Tuesday, August 16, 2011

දේව්දාස් ගේ කතාව...

           ඊයේ (15) දේව්දාස් ට ටිකක් දුක සතුට එක වගේ හිතුන දවසක්... වැඩි වැල් වටාරම් ලියන්නේ නෑ... මෙන්න මේකයි හේතුව...

           ඊයේ උසස් පෙළ සිංහල විෂය තිබුන දවසනේ... ඉතින් දේව්දාස් ගේ පාරෝ ත් සිංහල ප්‍රශ්න පත්‍රයට පෙනී හිටියා... විභාගේ පටන් අරන් සතියක් උනත් පාරෝ ට මුලින්ම තිබුණ විෂය තමයි සිංහල විෂය... ඉතින් පාරෝ මුලින්ම විභාගයට ගියේ ඊයේ දවසෙයි... ඉතින් දේව්දාස් ට ඕනේ උනා පාරෝ ට සුභ පතන්න... ඒත් දේව්දාස් ගේ මොකක්දෝ අවාසනාවකට දෙව්දාස්ට එකට ඉඩක් තිබුනේ නෑ...

          මොකද දේව්දාස් පාරෝව නැති කරගෙන ඉවරයි... මම මේ ලිපිය ලියන්නේ දේව්දාස් ගේ විරහ කතාව ලියන්න නෙමෙයි... පාරෝව නැති වෙච්ච හැටි ලියන්නත් නෙමෙයි... මට පාරෝ ට සුභ පතන්න විදියක් නැති වෙන්න හේතු දෙකක් තිබුණා... එකක් පාරෝ එයාගේ phone number එක වෙනස් කරගෙන... අනිත් හේතුව තමයි මම ආයෙත් එයාගේ මතකයට ඇවිත් එයා විභාගේ upset කර ගනියිද කියල තිබ්බ බය...

         ඒත් මට සුභ පතන්නේ නැතුව ඉන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ... මම එයාගේ ගෙදර number එකට සුභ පතලා message එකක් දැම්මා... මම දන්නවා ඒක දැක්කම එයා upset වෙයි කියලා... ඒ වගේම මම ගැන මතක උනාම එයාට මං ගැන වෛරයක් ඇතිවෙයි... ඒත් මගේ හිත මට අවනත උනේ නෑ... දැන් මේ හැම දේම වෙලා ඉවරයි...

        දේව්දාස් බලාපොරොත්තු වෙන්නේ නෑ එයාගේ විරහ කතාව බ්ලොග් එකේ ලියන්න... නමුත් දේව්දාස් ට කවද හරි තමන්ගේ හිත නිදහස් කර ගන්න හිතුනොත් ඒ ගැන ලියයි... මොකද දේව්දාස් මේ ලිපිය ලියන්නෙත් හිතට දැනුන දුක අඩු කර ගන්න...

       හැබැයි මේ දේව්දාස් කවදාවත් පාරෝ නැති උනා කියල ගිනි වතුර කටේ තියලවත් චන්ද්‍රමුඛ් ලා හොයන් ගිහිල්ලත් නෑ... හැබැයි චන්ද්‍රමුඛ් කෙනෙක් නොවුනත් ඒ හා සමාන අද්දැකීම් නුත් දෙව්දාස්ට අත්විඳින්න ලැබිලා තියෙනවා... දෙව්දාස්ට හිතුනොත් ඒ ගැන ඉදිරියේදී ලිපියක් පල කරන්නම්...

       ඉතින් මේ දේව්දාස් ගේ කතාව කියවල කාට හරි කම්මැලි කමක් හිතුනා නම් දේව්දාස් ට සමාවෙන්න... මොකද කම්මැලි ලිපි බලන්න ඔයාල එන්නේ නෑ කියල දේව්දාස් දන්නවා... මේ දේව්දාස් ගේ කතාවයි...

11 comments:

  1. පාරෝ ට වුනේ මොනවා ද __
    මටනම් කමිමැලි හිතුනේ නැ ..........

    ReplyDelete
  2. වෙලාව ලඟයි - පාරෝ ට උන දේ කියන්න දේව්දාස් ට තාම කල් වැඩියි... මොකද දෙවියෝ ඒ කතාව ලියල ඉවර නෑ... තාම ඒකට වෙලාව ළඟ උනේ නෑ...

    ReplyDelete
  3. හිතේ තියෙන දුකක් අඩු කරගන්න බ්ලොග් එක දෙව්දාස්ට ප්‍රයෝජනවත් කියලා හිතුනොත් විතරක් ඒ කතාව ලියන්න.

    ReplyDelete
  4. හැම දේම හිතේ හංගගෙන ඉන්නවට වඩා කාට හරි කියලා හිත සැහැල්ලු කරගන්න බලන්න අයියේ..

    ReplyDelete
  5. මධුරංග - අනිවාර්යෙන්ම මම එදාට ලියනවා... බොහොම ස්තුතියි අදහසට...

    ReplyDelete
  6. මී හරක් පිඩියා - දෙව්දාස්ට දරා ගන්න බැරි උන දවසට ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියනවා... ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියල දේව්දාස් කොහෙන්දෝ අහල තියෙනවා... ඒක නිසා ඉවසනවා...

    ReplyDelete
  7. මං දේව්දාස් ගැන මෙහෙම කියන්නම්, දේව්දාස්ලාගෙ ප්‍රේමය ප්ලැන්තනොමතිකයි.
    මා එවැන සොදුරු දඩබ්බරයන්ට සුභ පතනවා..
    කිමද,,, මාත් එවැනි දඩබ්බරයෙක් නිසා.

    ReplyDelete
  8. දේව්දාස් ගේ පොරොන්දුව මතකයි නේ?

    ReplyDelete
  9. රහස් පරීක්ෂකයා - බොහෝම ස්තුතියි... දේව්දාස් ට කවද හරි මේ හැමදෙයක්ම කියල හිත නිදහස් කරගන්න හිතුනොත් එදාට අනිවාර්යෙන්ම කියනවා... ඔබට දේව්දාස් ගේ ආචාරය...

    දේව්දාස්...

    ReplyDelete
  10. ආදරය කියන්නේ බොහොම සංවේදී දෙයක් ..............!!!!!!

    ReplyDelete
  11. The Lion - අනිවාර්යෙන්ම...

    දේව්දාස්...

    ReplyDelete