Tuesday, August 13, 2019

හින්දු ධර්මය 5


පෘථිවියේ ආරම්භය

හින්දු ධර්මයට අනුව පෘථිවියේ ආරම්භය සිදු වන්නේ බ්‍රහ්ම විසින් මැවීමට ලක් කිරීමෙනි. එය අප පෙර ලිපියේ සඳහන් කර පරිදි දේව සංකල්පයෙන් බැහැර වී මූලික ධර්මතාවන් ලෙස ගැනීමෙන් එහි අර්ථය වටහා ගත හැකිය. එනම් බ්‍රහ්ම නමැති “හට ගැනීම” නමැති මූලික ධර්ම තාවය විසින් පෘථිවිය හට ගෙන ඇත. එය වේද ග්‍රන්ථ තුල සඳහන් වන්නේ විෂ්ණු නින්දේ සිටින විට විෂ්ණුගේ නාභිය තුලින් මතු වූ නෙලුම් මලක් මත සිට බ්‍රහ්ම පෘථිවිය ඇතුළු විශ්වය මැවූ බවයි.

නාභිය යනු කේන්ද්‍රයයි. නෙලුම් මල යනු කේන්ද්‍රයෙන් හට ගෙන ඉහලට පැමිණීමයි. (විකාශනය වීමයි) එනම් බ්‍රහ්ම එක් පරමාණුවක් ලෙස හට ගත අතර එය බෙදී වෙන් වී අණු සැදී එය විකාශනය වී විශ්වය සැදුණු බවයි.
විෂ්ණු නින්දේ සිටින අතර බ්‍රහ්ම විසින් මුළු මහත් විශ්වයම මැවීමට ගත වන කාලය බ්‍රහ්ම වර්ෂ 100කි.
මෙය තරමක් ගැඹුරින් වටහා ගනිමු.

බ්‍රහ්ම ගේ එක් දිනයක (දහවල් කාලය පමණක්) එක් කල්පයක් වේ. එය මහා යුග 1000 කි. (යුග පිළිබඳව මෙම ලිපියේ ඉදිරියට ඇත)

බ්‍රහ්ම ගේ එක් සම්පූර්ණ දිනයක් (දිව රාත්‍රී) කල්ප දෙකක් වේ. එනම් මිනිස් වර්ෂ බිලියන 8.64කි. (මිනිස් වර්ෂ යනු සුර්ය වර්ෂ)

බ්‍රහ්ම ගේ දින 30ක් එනම් 1 බ්‍රහ්ම මාසයක් මිනිස් වර්ෂ බිලියන 259.2 වේ.

බ්‍රහ්ම මාසයන් 12ක් එනම් 1 බ්‍රහ්ම වසරක් මිනිස් වර්ෂ ට්‍රිලියන 3.1104 වේ.

බ්‍රහ්ම වර්ෂ 50ක් එනම් 1 පරාර්ධයක් මිනිස් වර්ෂ ට්‍රිලියන 155.52 වේ.

පරාර්ධ 2ක් එනම් බ්‍රහ්ම වර්ෂ 100ක් පරා 1ක් වේ. එනම් මහා කල්පයක් වේ. එය මිනිස් වර්ෂ ට්‍රිලියන 311.04 කි.

බ්‍රහ්ම දිනයක් කොටස් 10,000 කට බෙදනු ලැබේ. ඒවා චරණ ලෙස හඳුන්වයි.

චරණ මෙලෙස බෙදේ යුග 4 සමග බෙදේ

සත්‍ය යුගය චරණ 4කි  (මිනිස් වර්ෂ 1,728,000)
ත්රේත යුගය චරණ 3කි (මිනිස් වර්ෂ 1,296,000)
ද්වාපර් යුගය චරණ 2කි (මිනිස් වර්ෂ 864,000)
කලි යුගය චරණ 1කි (මිනිස් වර්ෂ 432,000)

මෙය නැවත නැවත චක්‍රයක් ලෙස සිධු වීමෙන් මහා යුග 1000 ඇති වේ. එවිට චරණ ගණන 10,000කි.

මීළඟ ලිපියෙන් ඉහත සඳහන් යුග 4 පිළිබඳව සොයා බලමු.

හින්දු ධර්මය 4


ත්‍රිමුර්ති සම්බන්ධව මෑතකදී කරන ලද පුදුමාකාර වූ අනාවරණයක් ඇත.

එනම් සෑම දෙයකම හට ගැනීමට හේතු වන පරමාණුව බ්‍රාහ්මණ ලෙසත් එහි අඩංගු ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ත්‍රිමුර්ති ලෙසත් අර්ථ දක්වා තිබුන.
එය සරලව මෙසේය.

ත්‍රිමුර්ති හි බ්‍රහ්ම යනු ඍන ආරෝපිත ඉලෙක්රෝන ලෙසටත්, විෂ්ණු යනු ධන ආරෝපිත ප්‍රෝටෝන ලෙසටත්, විෂ්ණු යනු කිසිදු අරෝපිතයක් නොමැති නියුට්‍රෝන ලෙසටත් ය.

නමුත් නියුට්‍රෝන බාධාවට ලක් වූ විට එය මුළු න්‍යෂ්ටියම විනාශ කල හැකි බලයක් ඇත්තාක් සේ ශිව ද විනාශ කිරීමේ බලයෙන් යුක්ත වේ. (මෙය ඉතා ගැඹුරින් පැහැදිලිව විද්‍යාව සමග ගලපා ලිවීමට මෙම ලිපිය නොගැලපෙන බැවින් එසේ නොමැතිව සරලව මූලික අදහස පමණක් මෙහි සඳහන් කරමි)

මෙම අනාවරණය සමගම බටහිර විද්‍යාඥයින් හින්දු ධර්මය පිළිබඳව පෙරට වඩා දැඩි උනන්දුවකින් අධ්‍යනය කිරීමට පෙළබි ඇත. කෙසේ වෙතත් හින්දුන් හට දේව සංකල්ප ලෙස ත්‍රිමුර්ති හඳුන්වා දීමට හේතුව ලෙස වටහා ගැනීමට පහසු වීමත් නමුත් යම් කලෙක යම් සමාජයක් විසින් එහි අර්ථය බැහැර කොට එහි මතුපිට අර්ථය පමණක් ගෙන අද වන විට එය දෙවියන් වැඳීමක්  බවට පත් වී ඇතැයි ඉන්දියානු විද්‍යාඥයින් අද වන විට ඔවුන්ගේ පැරැන්නන් හට චෝදනා කරමින්ද පවතී.

එය කෙසේ වෙතත් හින්දු ධර්මය යනු කුමක්දැයි ඔබට තේරුම් ගැනීමට මෙම ලිපි පෙළ යම් අදහසක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මීළඟ ලිපියෙන් හින්දු ධර්මයට අනුව පෘථිවියේ ආරම්භය පිළිබඳව කතා කරමු. ඒ සඳහා මින් පෙර ලිපි වල සඳහන් වූ කරුණු වැදගත් වන බැවින් හින්දු ධර්මය පිළිබඳව ගැඹුරින් සාකච්චා නොකර මින් අවසන් කරමි.

හින්දු ධර්මය 3


හින්දු ධර්මයේ මූලික සංකල්ප 3කි.

බ්‍රාහ්මණ යනු විශ්වයේ ඇති සියලුම ශක්තීන්ය. එය පහත පරිදි කොටස් තුනකි.

1.හට ගැනීම  (බ්‍රහ්ම)
2.පැවතීම  (විෂ්ණු)
3.විනාශ වීම  (ශිව)

මේවා විශ්වයේ සදාකාලික සිදු වන දේ වේ. හට ගැනීමක් එය පැවතීමක් සහ එය විනාශ වීමක් යන්න මූලික ධර්මතාවන් ය. අද වන විට දේව සංකල්ප ලෙස මේවා වන්දනාවට බඳුන් වුනත් මෙහි නියමාර්ථය විශ්වයේ මූලික ධර්මතාවන්ය. ( ඒ පිළිබඳව ගැඹුරින් පසුව කතා කරමු)

1. බ්‍රහ්ම

මැවුම්කරුවා ලෙස අද වන විට වන්දනාමානයට ලක් වේ. බ්‍රහ්ම යනු හට ගැනීමයි. මේ විශ්වයේ පවතින සියලුම දේ හට ගැනීමට ලක් වේ යන ධර්මතාවයයි.

2. විෂ්ණු

හට ගනා දේ පවතින බවට වූ ධර්මතාවයයි. අද වන විට ආරක්ෂා කරන්න ලෙසට වන්දනාවට පාත්‍ර වේ.

3. ශිව

හින්දුන් අතර වැඩියෙන්ම වන්දනාවට පාත්‍ර වන දේව සංකල්පයයි. විනාශය යන ධර්මතාවය යි.

හින්දු ග්‍රන්ථයන්හි මෙම දෙවියන් 3 නා ත්‍රිමුර්ති ලෙස හඳුන්වයි. එනම් ප්‍රධාන තිදෙනා යන අදහසයි.  විශ්වයේ ශක්තිය වන බ්‍රාහ්මණ සෑදෙන්නේ මෙම ත්‍රිමුර්ති න්හි එකතුවෙනි. මෙම ත්‍රිමුර්තින් අතරින් එකෙකුට හෝ තනිව පැවතිය නොහැකිය. තිදෙනාටම තිදෙනාගේ අවශ්‍යතාවය පවතී. ඉපදීමක් නොමැතිව පැවතීමක් හෝ විනාශයක් නොමැති නිසාත් පැවතීමක් නොමැතිව ඉපදීමක් හෝ විනාශ වීමක් නොමැති නිසාත් විනාශ වීමක් නොමැතිව ඉපදීමක් හෝ පවම්තීමක් නොමැති නිසාත් මොවුන් තිදෙනා එකිනෙකාගෙන් වෙන් කර විශේෂ කර දැක්විය නොහැකිය.

නමුත් වර්තමානයේ මේ ධර්මතාවයන් දෙවියන් ලෙසින් වන්දනාමානයට ලක් වෙන අතර බ්‍රහ්ම සුළු වශයෙන් ද විෂ්ණු බොහෝ දෙනා අතරද ශිව ඇති බහුතරයක් වූ හින්දුන් අතර වන්දනාමානයට පත්‍ර වී ඇත.

අපගේ දැනුමට සහ ඉදිරි ලිපි සඳහා අප මේවා දේව සංකල්ප ලෙස නොව ධර්මතාවයන් ලෙස සලකමු. එනම් විශ්වයේ මූලික ධර්මතාවන් වන ඇති වීම පැවතීම සහ නැති වීම යන ධර්මතාවන් ලෙස.

හින්දු ධර්මය 2


සනාතන ධර්මය නැත්නම් විශ්වයේ දැනුම කියන්නේ කිසිම ආගමකට අයිති දෙයක් නොවේ. එය විශ්වය තුල පවතින සියලුම දැනුම ගබඩා කරගෙන ඇති දෘඩ තැටියක් ලෙස සිතමු.

සනාතන ධර්මයේ පොදු නියමය නම් “සොයන්නාට හම්බ වේ” යන්නයි. එනම් එය කිසිවෙකුගේ ඉගැන්වීම මත සොයාගැනීමට හෝ ඉගෙන ගැනීමට නොහැකිය. එය තමන් විසින් ම තනිවම අත්දැකීමෙන් ඉගෙන ගත  යුතු දෙයකි.

සරලව පැවසුවහොත් සනාතන ධර්මය සෑම තැනම තිබෙන දෙයකි. එය සොයාගැනීමට අප විසින් නිවැරිදි සුසර කිරීම සිදු කරගත යුතු වේ. ගුවන් විදුලි සංඛ්‍යාත අප අවට තිබුනත් නිවැරිදි සුසර කිරීමෙන් තොරව අප හට ගුවන් විදුලි චැනලයකට සවන් දිය නොහැක්කාක් මෙන් අප විසින් නිවැරිදි සුසර කිරීමෙන් පමණක් සනාතන ධර්මය අවබෝද කරගත හැකිය.

සනාතන ධර්මයේ මූලික ලක්ෂණ කිහිපයකි

විශ්වාසය මත නොව අත්දැකීම මත පදනම් වේ
පටන් ගත දිනයක් කිව නොහැකි තරම් අතීතයට අයත්ය
හේතුව සහ ඵලය මත පදනම් වේ
සියලුම දෙනාට පොදු වන අතර අයත් නොවන කිසිවෙකුත් නැත
ලෞකික වුවත් ලෝකෝත්තර වේ
මිනිසාට ගෝචර වන සහ නොවන ලක්ෂණ තිබේ
කොටස් ලෙස සියල්ල විස්තර කෙරේ
තුන් කලටම ගැලපීම

මෙම ලක්ෂණ ඔස්සේ සනාතන ධර්මයේ පුතුන් දෙදෙනාගෙ වෙනස් කම් මුලින් තේරුම් ගෙන ඉමු.

හින්දු ධර්මය

  • ලෞකිකත්වය ප්‍රගුණ කරයි.
  • ලෞකිකව ඉහලම බලය සහ සුඛ ලැබීම
  • දෙවියන් තරම් ප්‍රභල වීම
  • අමරණීයත්වය ලබා ගැනීම


බුද්ධ ධර්මය

  • ලෝකෝත්තර ගුණය ප්‍රගුණ කරයි.
  • ලොකොත්තරව ඉහලම බලය සහ සුඛ ලැබීම
  • දෙවියන් ටත් වඩා ප්‍රභල වීම
  • නිවන ලබා ගැනීම

මීළඟ ලිපියෙන් අප හින්දු ධර්මය පිළිබඳව තරමක් ගැඹුරින් සොයා බලමු.

හින්දු ධර්මය 1


හින්දු දර්ශනය.

හින්දු දර්ශනය කියන්නේ පුතෙක්. මෙයට ඉන්නවා තවත් සහෝදරයෙක්. සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් සහෝදරයෙක්. මුලකින් පටන් ගෙන එමු එහෙනම්.

සනාතන ධර්මය.

සනාතන ධර්ම කියන්නේ සංස්කෘත වචන. සනාතන කියන්නේ සදාකාලික / වෙනස් නොවෙන කියන අර්ථය. ධර්ම කියන්නේ ක්‍රමය / ස්වභාවය කියන එක. (අපි හිතුවට ධර්මය කියන්නේ ආගම කියල එක වැරදියි)
එතකොට සනාතන ධර්මය කියන්නේ සදාකාලික ක්‍රමය කියන එක. සනාතන ධර්මය හැමෝටම පොදුයි. මේකෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නෑ. ධර්මය සහ කර්මය කියන්නේ එකම කාසියේ දෙපැත්ත. එක ගැන අපි පස්සේ කතා කරමු.

කාටවත් ගැලවෙන්න බෑ කිව්වේ මෙන්න මේකයි. කෙනෙක් පුනුරුප්පත්තිය පිළිගන්න පුළුවන් නොපිළිගන්නා පුළුවන්. නමුත් සනාතන ධර්මය කියන්නේ ඇත්තටම කෙනෙක් මැරිලා අයෙත් ඉපදෙනවා නම් හා නම් පමණක් කියල හිතුවොත්, කෙනෙක් එක පිළිගත්තත් නැතත් එයා අයෙත් අනිවාර්යෙන්ම ඉපදෙනවා. පිළිගන්න අය විතරයි අයෙත් ඉපදෙන්නේ පිළිගන්නේ නැති අය ඉපදෙන්නේ නෑ වගේ එක එක හැඳි නෑ.

තව ටිකක් විස්තර කරොත් ගුරුත්වාකර්ෂණය කියන්නේ සනාතන ධර්මයක්. කවුරු පිළිගත්තත් නැතත් එක හැමෝටම බලපානවා.

පිළිගන්න අය පොලවට ඇලිල ඉන්නත් පිළිගන්නේ නැති අය පොලව උඩ පාවෙන්නෙත් නෑ නේ. ඒ වගේ තමයි හැමදේම. මම හිතනවා සනාතන ධර්මය ගැන යම් අදහසක් දැන් ඇති කියල.

සනාතන ධර්ම කියන පියාට ඉන්නවා පුතාල දෙන්නෙක්.

නිවුන්නු. එත් එකිනෙකට හාත්පසින්ම වෙනස්.

එක්කෙනෙක් හින්දු ධර්මය අනිත් කෙනා බුද්ධ ධර්මය.

හින්දු ධර්මය කියන්නේ මොකක්ද බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියල වෙන වෙනම පැහැදිලිව වෙන පොස්ට් එකකින් කියන්නම්.